මානව අයිතිය ප්‍රවර්ධනය සහ රැකගැනීමත් ප්‍රචණ්ඩත්වය පිටුදැකීමත් රජයේ අරමුණයි | දිනමිණ

මානව අයිතිය ප්‍රවර්ධනය සහ රැකගැනීමත් ප්‍රචණ්ඩත්වය පිටුදැකීමත් රජයේ අරමුණයි

රජයේ අධිෂ්ඨානය වන්නේ සාධාරණ සහ පරිපූර්ණ ආර්ථික සංවර්ධනයක් කරා ගමන් කරන අතර ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය පිටුදැකීම, සහ සියලු මානව අයිතිවාසිකම් ප්‍රවර්ධනය සහ ආරක්ෂා කිරීම බව මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා පැවැසීය. එහෙත් ඒ සියල්ල රජයට පමණක් සිදු කළ නොහැකි බව ද ඇමැතිවරයා සඳහන් කළේය.

මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා මෙසේ ප්‍රකාශ කළේ පසුගිය දා ශ්‍රී ලංකාවේ ජර්මානු තානාපති කාර්යාලයේ පැවැති ෆ්රැන්කෝ ජර්මන් මානව හිමිකම් සම්මාන උළෙලේ දීය.

ෆ්රැන්කෝ ජර්මන් මානව හිමිකම් සම්මාන පිරිනමනු ලබන්නේ මානව හිමිකම් සහ නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කිරීම හා ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් සැලකිය යුතු ලෙස කැපවීමක් දක්වන පුද්ගලයන් වෙතය. මේ වසරේ මුලදී කොළඹ පිහිටි ප්‍රංශ හා ජර්මානු තානාපති කාර්යාල විසින් අවතැන්වූ මුස්ලිම් හා දෙමළ ප්‍රජාව අතර ප්‍රතිසන්ධාන කටයුතුවල නියැළුණ කාන්තාවන්ගේ අයිතිවාසිකම් සහ බල ගැන්වීම පිළිබඳ විශේෂඥ සහ මානව හිමිකම් ආරක්ෂකයකු වන ශ්‍රීන් අබ්දුල් සාරූර් මහත්මිය එම සම්මානයට හිමිකම් කියන බව නිවේදනය කළේය.

ෆ්රැන්කෝ ජර්මන් මානව හිමිකම් සම්මාන උළෙල ඇමතූ ඇමැති මංගල සමරවීර මහතා,

‘ මේ අවස්ථාවට සහභාගි වීමට ලැබීම මෙන්ම 2017 දී ෆ්රැන්කෝ ජර්මන් මානව හිමිකම් සම්මානයෙන් පිදුම් ලබන ශ්‍රීන් අබ්දුල් සාරූර් මහත්මිය මුණ ගැසීම මට ගෞරවයක්. ඇයගේ සම්මාන‍ය වෙනුවෙන් මම සරූර් මහත්මියට සුබ පතනවා. ශ්‍රීන්, ඔබ ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට පමණක් නොව ලොවපුරා කාන්තා පුරුෂ දෙපාර්ශ්වයටම හොඳ ආදර්ශයක්. ඔබ ඉතා විශාල දුෂ්කරතාවයන්ට මුහුණ දෙනු ලැබුවා. එහෙත්, අපගේ සමාජය තුළ වඩාත් අවදානමට මුහුණ දීමට සහ උපකාර කිරීමට ඔබගේ අත්දැකීම් භාවිතා කිරීමට තරම් ඔබට ධෛර්යයක් තිබුණා. ඔබගේ ධෛර්යය හා අවංකභාවය අපගේ සමාජයේ අවශ්‍යතාවයන් ඇති අයට උපකාර කිරීම සඳහා අඛණ්ඩව සිදු කළා.

ශ්‍රී ලාංකිකයකු වශයෙන්, ඔබගේ කාර්යය ඇගයීමට ලක් කිරීම දක්නට ලැබීම ආඩම්බරයක්. ඔබ බොහෝ දෙනාගේ ජීවිත ස්පර්ශ කර ඇති අතර, ඔබ කළ දේ අඛණ්ඩව කරගෙන යන්නේ, ශ්‍රී ලංකාවේ පුරවැසියන්ට පමණක් නොව මුළු මානව වර්ගයාම සඳහාය.

ගැටුම අවසන් වුවද, තුවාල සුව කිරීමට අවුරුදු ගණනාවක් ගත වන අතර, අප දැනටමත් ලබා ඇති ජයග්‍රහණ පවත්වා ගැනීමට හා ආරක්ෂා කිරීමට නිරන්තර උත්සාහයක් ගනු ඇත. රජයේ අධිෂ්ඨානය වන්නේ සාධාරණ සහ පරිපූර්ණ ආර්ථික සංවර්ධනයක් කරා ගමන් කරන අතර ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය සහ සියලු මානව අයිතිවාසිකම් ප්‍රවර්ධනය සහ ආරක්ෂා කිරීමයි. එහෙත්, මේ සියල්ලම රජයට පමණක් සිදු කළ නොහැකිය.

එම නිසායි ශ්‍රීන් විසින් සිදු කළ කාර්ය භාරය අඛණ්ඩව සිදු කරනු ඇතැයි මා බලාපොරොත්තු වන්නේ. එය තරුණ පරපුර මෙන්ම කාන්තා සහ පුරුෂ දෙපාර්ශ්වයේ වැඩි පිරිසක් සම්බන්ධ වෙමින් සහ සියලු දෙනාගේ හිමිකම් වෙනුවෙන් නැඟී සිටිනු ඇත. ඔබ සිදු කරන විශිෂ්ට කටයුතු කර ගෙන යාම සඳහා ශක්තිය ප්‍රාර්ථනා කරන අතර, හොඳ සටනක් සිදු කරන ලෙස පවසනවා. මානව අයිතිවාසිකම් ක්‍රියාකාරීන්ගේ ක්‍රියාකාරීත්වය පිළිගැනීමේ ඒකාබද්ධ වැඩපිළිවෙළ සඳහා ප්‍රංශයේ හා ජර්මනියේ රජයන්ට ස්තූති කිරීමට මම මෙය අවස්ථාව කර ගනිමි.

මා වටහාගෙන ඇති පරිදි, මේ වසරේදී මේ ගෞරවනීය මානව හිමිකම් සහ නීතියේ ආධිපත්‍යය සඳහා ෆ්රැන්කො ජර්මන් සම්මානය සඳහා ගෝලීය වශයෙන් පුද්ගලයන් 15 දෙනකු සිටී.

යුරෝපා සංගමයේ ප්‍රමුඛ සාමාජිකයන් වශයෙන් ජර්මනිය සහ ප්‍රංශය විශ්වීය මානව සාරධර්ම පිළිබඳ පෙරටුගාමීන් වී ඇත. ජනතාවගේ සහ ඒකාබද්ධතාවයේ මේ පොදු පරමාර්ථ ආරක්ෂා කර ගැනීම සඳහා අප දරන ප්‍රයත්නයන් ශක්තිමත් කිරීම සඳහා ඔබගේ ක්‍රියාකාරී උනන්දුව අපි සියලු දෙනා උනන්දු කරවයි’ යනුවෙන් පැවැසීය. 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...