රිය සහකරු-මඟ සුමිතුරු | දිනමිණ

රිය සහකරු-මඟ සුමිතුරු

දිනෙන් දින උග්‍ර වන මාරාන්තික රිය අනතුරු වළක්වාලීමේ අරමුණ ඇතිව දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය කාර්යාලය, දකුණු පළාත් නීතිය සහ සාමය අමාත්‍යාංශය, දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා පොලීසියේ පූර්ණ අනුග්‍රහය ඇතිව සංවිධාන කරනු ලැබූ රිය සහකරු-මඟ සුමිතුරු මාර්ග නීතිය පිළිබඳ න්‍යායාත්මක සහ ප්‍රායෝගික පුහුණු වැඩමුළුවක් අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ දී පසුගියදා පැවැත්විණි.

දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ෂාන් විජයලාල් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති වැඩමුළුවේ දී පාසල් රිය නියාමක සිසු සිසුවියන් සඳහා විශේෂ දේශනයක් කොළඹ රථ වාහන පොලීසියේ උප පොලිස් පරීක්ෂක සුරජිත් පෙරේරා මහතා විසින් පවත්වනු ලැබීය. මෙයට අමතරව පොලිස් මූලස්ථානයේ විශේෂ රථවාහන පොලිස් කණ්ඩායම විසින් මාර්ග අනතුරු පිළිබඳ පෙරහුරු වැඩසටහනක් ද ඉදිරිපත් කරන ලදී. වැඩසටහනට සහභාගී වූ සෑම පාසලකටම රිය නියාමක ජැකට් හය බැගින් සහ මාර්ග සංඥ පුවරු සහ කේතු කට්ටල දෙක බැගින්ද ලබා දෙන ලදී.

අම්බලන්ගොඩ සමූහ
ආර්. ඤාණදාස

ජායාරූපය- ගාල්ල මධ්‍යම විශේෂ
මහින්ද පී. ලියනගේ


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...