මැණික්වෙහෙර පුරාවිදු බිම ප්‍රතිසංස්කරණයට | දිනමිණ

මැණික්වෙහෙර පුරාවිදු බිම ප්‍රතිසංස්කරණයට

පොලොන්නරුවේ, කදුරුවෙල නගරයට නුදුරුව මැණික්කම්පට්ටිය ගම්මානයේ ඉදිකර තිබෙන ‍ඓතිහාසික මැණික් වෙහෙර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් යළි ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු පසුගියදා ආරම්භ කරනු ලැබීය.

දුටුගැමුණූ මහරජතුමා විසින් ඉදිකරන ලදැයි විශ්වාස කෙරෙන මැණික්වෙහෙර බොහෝ කලක් වනගහනව පැවති අතර ඉන්පසු චෛත්‍ය අවට මුස්ලිම් ජාතිකයන් පදිංචිව සිට තිබේ. තමන්කඩුව ප්‍රාදේශීය ලේකම් නිශ්ශංක ආරච්චි මහතාගේ මෙහෙයවීමෙන් මෙහි පදිංචිකරුවන් චෛත්‍යය භූමියෙන් ඉවයත්කොට ඔවුන්ට වන්දි මුදල් සමඟ වෙනත් ස්ථානවලින් ඉඩම් ලබාදී ඇත.

ඓතිහාසික වටිනාකමින් යුත් මේ චෛත්‍යය ප්‍රතිසංස්කරණය කිරීමෙන් අනතුරුව මෙහි භාරකාරත්වය උතුරුමැද පළාත් ප්‍රධාන සංඝනායක කදුරුවෙල ජයන්ති විහාරාධිපති කදුරුවෙල ධම්මපාල හිමියන් වෙත පැවරීමට තමන්කඩුව ප්‍රාදේශීය ලේකම්වරයා කටයුතු කර තිබේ.

මේ අවස්ථාවට තමන්කඩුව ප්‍රාදේශීය ලේකම් නිශ්ශංක ආරච්චි, පොළොන්නරුව පුරාවිද්‍යා ස්ථාන භාර නිලධාරිනි තනූජා වික්‍රමතුංග මහත්ම මහත්මීහු සහභාගි වූහ.

පොළොන්නරුව වි‍ෙශ්ෂ ගාමිණී ‍ඔබේසේකර‍ 

නව අදහස දක්වන්න