මහකනදරාව බිලිගත් ජලජ පැළෑටි ඉවත් කිරීමට තෙදින මෙහෙයුමක් | දිනමිණ

මහකනදරාව බිලිගත් ජලජ පැළෑටි ඉවත් කිරීමට තෙදින මෙහෙයුමක්

මහකනදරාව ජලාශයේ ව්‍යාප්ත වෙමින් පවතින හඳුනා නොගත් ආක්‍රමණශීලී ජලජ පැළෑටි වර්ගය ඉවත් කිරීමේ කටයුතු ආරම්භ කර තිබේ.

මේ ආක්‍රමණශීලී ජලජ පැළෑටි වර්ගය හඳුනාගත් ගැනීමෙන් පසුව එම පැළෑටි ඉවත් කිරීමට කඩිනම් පියවර ගතයුතු බව , අනුරාධපුර මහ දිසාපති ආර්.එම්. වන්නිනායක මහතා තීරණය කිරිමෙන් පසු පසුගියදා එම ශාඛ ඉවත් කිරීමේ කටයුතු ආරම්භ කළේය. ඒ අනුව පුරා දින තුනක් මේ ජලජ පැළෑටි ඉවත් කිරීම සිදු කෙරිණි.

අනුරාධපුර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ දේශප්‍රිය බණ්ඩාර මහතා සඳහන් කර සිටියේ ත්‍රිවිධ හමුදාවේ හා පොලිස් ජීවිතාරක්ෂක අංශයේ නිලධාරීන්ගේ සහාය සහ මහකනදරාව ඒකාබද්ධ ගොවි සංවිධානයේ සහය ඇතිව මෙය සිදු කෙරිණ.

මේ ජලජ පැළෑටි ඉවත් කිරීම, එහි ව්‍යප්තිය වැලක්වීම සඳහා ගත් තාවකාලික පියවරක් බවද අපදා සහකාර අධ්‍යක්ෂවරයා සඳහන් කළේය. එසේම කලාප වාරිමාර්ග අධ්‍යක්ෂවරයාගේ ද මැදිහත් වීමෙන් මේ පැළෑටි ව්‍යප්තිය වැළැක්වීම සඳහා විශ්වවිද්‍යාල මට්ටමින් සහාය ලබාගැනීමට නියමිතය.

අනුරාධපුර මධ්‍යම සමූහ අමිල ප්‍රභාත් වනසිංහ සහ
අනුරාධපුර අතිරේක දිස්ත්‍රික් සමූහ නිමල් විජේසිංහ

නව අදහස දක්වන්න