මාතලේ නාගරික හොකී ශූරතාව හුලංගමුවට | දිනමිණ

මාතලේ නාගරික හොකී ශූරතාව හුලංගමුවට

ජේ.බී.දිසානායක අනුස්මරණ අභියෝගතා කුසලාන මාතලේ නාගරික කොට්ඨාස සත් සාමාජික පිරිමි හොකී තරගාවලියේදී ශූරතාව දිනාගැනීමට හුලංගමුව කණ්ඩායම සමත් විය. තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස හුලංගමුව පිලේ චානක චන්ද්‍රෙස්න සම්මාන ලැබීය.

ජෙ.බී. දිසානායක (පොඩි ජිබ්බා) පදනම මගින් මුල්වරට සංවිධාන කළ මේ තරගාවලිය නම්කර තිබුණේ මාතලේ ප්‍රාන්ත හොකී තරගාවලිය ලෙසයි. ප්‍රාදේශිය සභා, නාගරික හා මධ්‍යම පළාත් සභාවේ මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළ ජේ.බි.දිසානායක මහතා සමරමින් එම අනුස්මරණ පදනම මගින් මේ තරගාවලිය සංවිධානය කරන ලදි.

කණ්ඩායම් 12ක සහභාගීත්වයෙන් පසුගියදා මාතලේ එඩ්වඩ් ද සිල්වා හොකී ක්‍රීඩාංගණයේදී පැවැති මේ තරගාවලියේ ප්‍රධාන ආරාධිතයා ලෙස ආසියාතික හොකී පිල නියෝජනය කළ ශ්‍රී ලංකා වර්ණලාභි ප්‍රවීණ හොකී ක්‍රීඩක රංජිත් විජේකොන් මහතා සහභාගි විය. ඉදිරිපත්වු සියළුම කණ්ඩායම් ජාතික හොකී පිල නියෝජනය කළ ක්‍රීඩකයන්ගෙන් සමන්විත වීමද විශේෂත්වයකි. හුලංගමුව සහ අලුවිහාරේ ප්‍රාන්ත කණ්ඩායම් අතර පැවැති අවසන් මහා තරගයේදී ගෝල 2-0 ලෙස ජය ගැනීමට හුලංගමුව පිලට හිමිවිය. චානක චන්ද්‍රෙස්න සහ ඉසංක ජයසුන්දර ජයග්‍රාහි හුලංගමුව පිල වෙනුවෙන් ගෝල වාර්තා කළහ.

ශූරතාවය දිනාගත් හුලංගමුව පිල අයි.ආර්.කේ. විල්වලආරච්චි විසින්ද අනුශූරතාව දිනු අපුවිහාරේ පිල කේ.එම්.ටී.අයි.ගුණවර්ධන විසින්ද මෙහෙය වුහ. අවසන් මහා තරගය දුමින්ද පෙරේරා සහ නරේන්ද්‍ර දුනුවීර යන විනිසුරුවන් විසින් විනිශ්චය කළහ.

අසෝක හිදගොඩ-මාතලේ දිසා විශේෂ

නව අදහස දක්වන්න