සේවයට වාර්තා නොකළ අය සේවය හැර ගියා සේ සළකනවා | දිනමිණ

සේවයට වාර්තා නොකළ අය සේවය හැර ගියා සේ සළකනවා

ශීලා උඩුවර

දුම්රිය සාමාන්‍යධිකාරී

ඊයේ ( 11) සේවයට වාර්තා නොකළ සියලු දෙනා සේවය හැර ගියාසේ සලකා කටයුතු කරන බවට දුම්රිය සාමාන්‍යාධිකාරි එස්.එම් .අබේවික්‍රම මහතා දන්වා සිටි. දුම්රිය සේවය අත්‍යාවශ්‍ය සේවාවක් කර ඇති බැවින් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ කොන්ත්‍රාත් පදනම් මත සේවය කරන සියලු දුම්රිය ස්ථානාධිපතිවරු . දුම්රිය රියැදුරන් , සහ දුම්රිය නියාමකවරුන්, වහාම සේවයට වාර්තා කරන ලෙස සාමාන්‍යාධිකාරිවරයා නියෝග කර තිබේ.

දුම්රිය සේවාව පවත්වාගෙන යාමට අවංකව කැපවී කටයුතු කිරිමට කැමති දැනටමත් විශ්‍රාම ලබා සිටින දුම්රිය ස්ථානාධිපතිවරුන් දුම්රිය පාලකවරුන්, රියැදුරන්, සහ නියාමකවරුන් නැවත දුම්රිය සේවයට එක්විමට කැමතිනම් දුම්රිය මූලස්ථානයේ අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරි ( පාලන ) වෙත වහාම වාර්තා කරන ලෙස දන්වා සිටී.

 

නව අදහස දක්වන්න