ට්‍රම්ප් පියවරට එරෙහිව පලස්තීනුවෝ වීථි බසිති | දිනමිණ

ට්‍රම්ප් පියවරට එරෙහිව පලස්තීනුවෝ වීථි බසිති

ඇමෙරිකානු ජනාධිපතිවරයා ජෙරුසලම ඊශ්‍රායලයේ අගනුවර ලෙස පිළිගැනීමට එරෙහිව බටහිර ඉවුර සහ ගාසා තීරයේ පලස්තීනුවෝ වර්ජනයකට එළඹ සිටින අතර වීථි බැස උද්ඝෝෂණයේ යෙදෙන බව විදෙස් වාර්තා පවසයි.

නැග එමින් පවතින උණුසුම් තත්ත්වය මැද ඊශ්‍රායලය අමතර හමුදා භටයින් සිය ගණනක් බටහිර ඉවුර වෙත යොමු කර තිබේ.

ගැටුම්වල දී අවම තරමින් පලස්තීනුවන් අට දෙනෙකුවත් තුවාල ලබා ඇති බව මූලික වාර්තාවල සඳහන් වේ.

කලාපයට සංවේදී වූ කරුණක් සම්බන්ධයෙන් දශක ගණනාවක් පැවති ඇමෙරිකානු පිළිවෙත ආපසු හැරවීමට ජනාධිපති ට්‍රම්ප්ගේ නිවේදනය හේතුවී තිබේ.

(බී.බී.සිය ඇසුරෙනි)

නව අදහස දක්වන්න