ශිෂ්‍යභට බළකායට අට ශ්‍රේණියේ පාසල් සිසු සිසුවියන් 20000ක් එකතුවෙලා | දිනමිණ

ශිෂ්‍යභට බළකායට අට ශ්‍රේණියේ පාසල් සිසු සිසුවියන් 20000ක් එකතුවෙලා

විජයානි එදිරිසිංහ
ජාතික ශිෂ්‍යභට බළකායේ බස්නාහිර පළාත් කනිෂ්ඨ ශිෂ්‍යභට පුහුණු කඳවුර 2017 දෙසැම්බර් 12 සිට දෙසැම්බර් 16 දක්වා සියනෑ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ පරිශ්‍රයේදී පැවැත්වේ. එහි මාධ්‍ය හමුව පෙරේදා (06) ආරක්ෂක අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. එම අවස්ථාවට සහභාගී වූ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් සුනිල් සමරවීර මහතා මාධ්‍ය දැනුවත් කළ අයුරුයි මේ. ජාතික ශිෂ්‍යභට බළකායේ අධ්‍යක්ෂ මේජර් ජනරාල් ඒ. කේ. පී. වික්‍රමසිංහ මහතාද මෙහි වෙයි. ඡායාරූපය - විමල් කරුණාතිලක

වසර 36 කට පසු ජාතික ශිෂ්‍යභට බළකාය යළි මේ වසරේ සිට පාසල් මට්ටමින් ආරම්භ කර ඇති අතර ප්‍රථම වරට එම බළකායට සිසුන් ඇතුළත් කිරීම අට වැනි වසරේ ඉගෙනුම ලබන සිසුන්ගෙන් ආරම්භ කර තිබේ.

මේ වන විට ශිෂ්‍යභට බළකාය සඳහා පළාත් නවයක පාසල්වලින් සිසු සිසුවියන් විසි දහසක් පමණ එකතු වී ඇති බව ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජේවර්ධන මහතා පවසයි.

ජාතික ශිෂ්‍ය භට බළකාය යළි ආරම්භ කළ යුතු බවට ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් කර ඇති යෝජනාව ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජේවර්ධන මහතා විසින් මේ ආකාරයෙන් ආරම්භ කළ බව එම අමාත්‍යං්‍යයේ ලේකමි සුනිල් සමරවීර මහතා පවසයි.

මේතාක් කාලයක් ජාතික ශිෂ්‍ය භට බළකාය සඳහා පාසල් සිසුන් බඳවා ගන්නා ලද්දේ ඉහල ශ්‍රේණිවල අධ්‍යාපනය හදාරන සිසුන්ගෙන්ය. ජනාධිපතිවරයාගේ උපදෙස් මත මෙසේ අ‍ටවැනි ශ්‍රේණියෙන් සිසුන් බඳවා ගනු ලබන්නේ ප්‍රථම වතාවට බවද ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා කියා සිටියි.

මෙසේ බඳවා ගන්නා ලද සිසුන්ට ශිෂ්‍ය භට බළකා පුහුණුව ලබා දීම ලබන 12, 13 සහ 14 යන දිනවල ගම්පහ සිය නෑ අධ්‍යාපන පීඨයේ දී ආරම්භ කෙරේ. ඊට අමතරව සෙසු පළාත්වල පුහුණු වැඩසටහන් ද ළඟදීම ආරම්භ කෙරේ.

ජාතික ශිෂ්‍යභට බළකායට ඉදිරිපත් වීමට උතුරේ පාසල් දරුවන් විශාල උනන්දුවක් දක්වා තිබේ. මේ වන විට ශිෂ්‍යභට ඛණ්ඩ 807ත් පුහුණුව සඳහා සූදානම් කර ඇත.

නායකත්වය කැපවිම ,සහ මනා ක්‍රියාකාරිත්වයෙන් යුත් තරුණයන් පිරිසක් මෙරටට බිහිකරලීමේ අරමුණින් ක්‍රියාත්මක වන ජාතික ශිෂ්‍යභට බළකාය සඳහා ලෝකයේ බොහෝ රටවල් විශාල උන්නදුවක් දක්වන අතර මේ වන විට ජාතික භිෂ්‍යභට බළකායේ සාමාජිකයන් විශාල පිරිසකට විදෙස් පුහුණුව ලැබී ඇති බවද වසරක් පාසා එම සාමාජිකයන් සඳහා විශාල ඉල්ලුමක් පවතින බවද ආරක්ෂක රාජ්‍ය ලේකම් වරයි කියා සිටියි.

ජාතික ශිෂ්‍ය භට බළකා පුහුණුව සඳහා පාසල් ළමයින් තොරා ගැනීම ජාතික ශිෂ්‍යභට බළකායේ උපදේශකයන් විසින් පාසල් වෙත ගොස් විදුහල්පතිවරු හමුවී බඳවා ගැනීම් සිදු කරනු ලබයි. ඉන් අනතුරුව ත්‍රිවිධ හමුදාවේ සහායද ඇතුව පුහණුව ලබා දිම සිදු කෙරේ.

දැනට අටවැනි ශ්‍රේණියෙන් ජාතික ශිෂ්‍යභ‍ට බළකා පුහුණුව ලබා ගන්නා සිසුන් හෙවත් කණිෂ්ඨ ශිෂ්‍යභට බළකා කදුවුරුවලට සහභාතී වි පුහුණුව ලබා ගන්නා සිසුන් සඳහා සමස්ත ලංකා මට්ටමේ සහතිකයක් හිමිවෙයි.

ඊට අමතරව තරුණ හුවමාරු වැඩසටහන් යටතේ විදෙස් ගත වීමටද අවස්ථාව සැළසෙන අතර විශ්ව විද්‍යාල ප්‍රවේශයේදී ලකුණුද හිමිවෙයි. ත්‍රිවිධ හමුදාවේ තනතුරු සඳහා අයදුම් කිරීමේදී ප්‍රමුඛත්වයක් හිමිවීමද, විද්‍යාපීඨවලට බඳවා ගැනීමේ දී ජ්‍යෙෂ්ඨ නිල හොබවන ශිෂ්‍ය භටයන් සඳහා ප්‍රමුඛත්වයක් ලබාදිමද, පාසල් ක්‍රියාකාරකම්වලදි නායකත්වයක් හිමිවීමද, අධ්‍යාපන අමාත්‍යංශය යටතේ සරඹ ගුරුවරුන් බඳවා ගැනීමේදී ප්‍රම්ඛත්වයක් ලබාදීම සහ නායකත්වය සම්බන්ධයෙන් සහ සමාජ ආශ්‍රයක් නොමැති විම නිසා ඇතැම් දරුවන් විසින් ප්‍රශ්න ඇති වු විට ඒවා දරාගත නොහැකිව විවිධ ආකාරයේ අනතුරුදායක දෙවල්වලට යොමුවීමෙන් වළක්වා ගැනීමට අවශ්‍ය වන පරිදි මනා මානසික තත්ත්වයක් ඇතිකිරිම ඇතුළු පාසල් වියේ සිට තරුණයක් වශයෙන් ඉදිරි අනාගතය අධ්‍යාපනික වශයෙන් හෝ වෙනත් ආකාරයකින් ඉදිරියට යාමට හැකි වන පරිදි මනා මානසික තත්ත්වයක් ඇතිකිරීම එම ජාතික ශිෂ්‍යභට පුහුණුවේදී ලබාදෙනු ඇත.

 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...