හාල් ටොන් ලක්ෂයක් වහා ගෙන්වන්න | දිනමිණ

හාල් ටොන් ලක්ෂයක් වහා ගෙන්වන්න

කමනි අල්විස්

හිඟයකින් තොරව වෙළෙඳපොළේ සහල් සුලබව තිබිය යුතු බව දැනුම්දෙමින් වහාම හාල් ටොන් ලක්ෂයක් ආනයනය කිරීමට පියවර ගන්නා ලෙසට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (7) අදාළ අංශ වෙත නියම කළ බව මුදල් රාජ්‍ය ඇමැති ඉරාන් වික්‍රමරත්න මහතා පැවසීය. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව දැනුම් දුන්නේ ඊයේ දහවල් අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් මුදල් ඇමැති මංගල සමරවීර සහ රාජ්‍ය ඇමැති ඉරාන් වික්‍රමරත්න මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් පැවති රැස්වීමක දී බවත් රාජ්‍ය ඇමැති වික්‍රමරත්න මහතා ප්‍රකාශ කළේය. වෙළෙඳපොළේ හාල් මිල පහතට හෙළීමට කටයුතු කරන ‍බව පැවසූ රාජ්‍ය ඇමැති වික්‍රමරත්න මහතා හාල් මිල කෘත්‍රිමව නොතබන ලෙසට වෙළෙඳුන්ගෙන් ඉල්ලීමක් කරමින් එලෙස කෘත්‍රිමව මිල තබා ගන්නා ස්ථානවලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් ප්‍රකාශ කළේය. සිරිකොත පක්ෂ මූලස්ථානයේ ඊයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවේ දී රාජ්‍ය ඇමැති ඉරාන් වික්‍රමරත්න මහතා මේ බව පැවසීය. 

නව අදහස දක්වන්න