ගාල්ලේ ඩෙංගු ඉවර කරන්න ලක්ෂ 36 1/2ක් | දිනමිණ

ගාල්ලේ ඩෙංගු ඉවර කරන්න ලක්ෂ 36 1/2ක්

නන්දසිරි වැලිගමගේ

2017 වසර සඳහා ගාල්ල දිස්ත්‍රික්කයට ඩෙංගු මර්දනයට රුපියල් 3,685,500ක් වෙන්කර ඇති බවත් ඒ අනුව දිස්ත්‍රික්කයේ ඩෙංගු මර්දනය සාර්ථක බවත්  පළාත් පාලන ආයතන ඉදිරියේ දි අවධානයෙන් සිටිය යුතු බවත් ගාල්ල දිස්ත්‍රික් වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර සිංගාරච්චි මහතා පැවසීය. ගාල්ල දිස්ත්‍රික් ලේකම් එස්.ටී.කොඩිකාර මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති දිස්ත්‍රික් ඩෙංගු කමිටු රැස්වීමේදී ඒ මහතා එසේ පැවැසීය.

වෛද්‍ය වෙනුර සිංගාරච්චි මහතා - “නොවැමබ්ර් මාසයේ 10 දිනය වනවිට ලංකාවේ ඩෙංගු රෝගීන් 170,641 වාර්තා වුණා. සමස්ථයෙන් 3%ක් වාර්තා වන්නේ ගාල්ල දිස්ත්‍රික්කයෙන්. සෑම වසරකම දෙසැම්බර් මාසයේ දෙවන සතියේ සිට ඩෙංගුවල වැඩි විමක් දක්නට ලැබෙනවා. මේ ජනවාරි සිට නොවැම්බර් මාසය දක්වා කාලයේ ගාල්ල දිස්ත්‍රික්කයේ ඩෙංගු මරණ 20ක් වාර්තා වුණා. රෝගීන්ගේ සංඛ්‍යාව 5750ක්.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...