තහනම් කාලයේ පොකිරිස්සන් ඇල්ලූ ධීවරයෝ දෙදෙනෙක් අධිකරණයට | දිනමිණ

තහනම් කාලයේ පොකිරිස්සන් ඇල්ලූ ධීවරයෝ දෙදෙනෙක් අධිකරණයට

රු. 20,000 බැගින් දඩ නියම වෙයි

මීගමුව ලෙල්ලම අවට මුහුදු ප්‍රදේශයේ බිත්තර සහිත කිලෝ 10යි ග්‍රෑම් 300 ක් බරැති පොකිරිස්සන් 39 ක් ළඟ තබාගැනීමට වරද පිළිගත් ධීවරයන් දෙදෙනකුට එක් අයකුට රුපියල් විසිදහස බැගින් රුපියල් 40,000 ක දඩයක් මීගමුව අතිරේක මහේස්ත්‍රාත් ආර්. ජී. එන්. කේ. රන්කොත්ගේ මහත්මිය නියම කළාය.

පෙබරවාරි, සැප්තැම්බර් හා ඔක්තෝබර් යන මාසවලදී පොකිරිස්සන් බිත්තර දමන හෙයින් එම කාලසීමාව තුළදී අල්ලන ලද පොකිරිස්සන් ළඟ තබාගැනීම ධීවර හා ජලජ සම්පත් පනත අනුව නීතියෙන් දඬුවම් ලැබිය හැකි වරදකි.

මීගමුව ප්‍රාදේශීය ධීවර කාර්යාලයේ සහකාර ධීවර අධ්‍යක්ෂක රංජිත් බණ්ඩාර මහතාගේ උපදෙස් මත විත්තිකරුවන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කරන ලද්දේ ප්‍රාදේශීය ධීවර පරීක්ෂකවරුන් වන තුසිත මාරසිංහ, සරත් නවරත්න මහත්වරුන් විසිනි.

මීගමුව විශේෂ එච්. ප්‍රනාන්දු 

 

නව අදහස දක්වන්න