දිසානයකට ජාත්‍යන්තර හොකී විනිසුරු පදවියක් | දිනමිණ

දිසානයකට ජාත්‍යන්තර හොකී විනිසුරු පදවියක්

මධ්‍යම පළාත් සභාවේ ක්‍රීඩා නිලධාරියකු ලෙස සේවය කරන ඩී.එම්.ඩී.ආර්.බී.දිසානායක මහතා ජාත්‍යන්තර හොකී විනිසුරුවරයකු ලෙස තේරීපත්වී සිටි.

මාතලේ සාන්ත තෝමස් විදුහලේ ආදි ශිෂ්‍යයකු වන ඒ මහතා පාසල් සමයේ සිටම දක්ෂ හොකී ක්‍රීඩකයෙකි. පාසල් කණ්ඩායම්වලද නායකත්වය දැරූ ඔහු ශ්‍රී ලංකා පාසල් හොකී පිලද නියෝජනය කළ අතර මාතලේ දිස්ත්‍රික් හොකී කණ්ඩායමේ නායකයා ලෙසද කටයුතු කර ඇත. ඔහු වසර 16ක් මධ්‍යම පළාත් හොකී කණ්ඩායමේ නායකත්වයද දරමින් සුවිශේෂ ජයග්‍රහණ රැසක් මධ්‍යම පළාතට හිමිකර දීමටද සමත්විය. 2013 වසරේ ජාතික කාන්තා හොකී පිලේ සහාය පුහුණුකරුවා වුයේද ඒ මහතාය.

2016 දකුණු ආසියානු හොකී ශූරතාව (ඉන්දියාව) එම වසරේදීම ආසියානු හොකි සංගම් කුසලාන තරගාවලිය (හොංකොං) සහ ලෝක ලීග් ශූරතා 1 වටය හොකී තරගාවලිය (බංගලාදේශය) යන ජාත්‍යන්තර තරග විනිශ්චයටද දායකවී ඇති ඒ මහතා ආසියානු හොකී සංගමයේ II හා I පෙළ පුහුණුකරු හා විනිසුරු පාඨමාලා හැදැරුවෙකි. මේ පත්වීමත් සමග ඒ මහතා දිවයිනෙන් බිහිවු 15 වන ජාත්‍යන්තර විනිසුරුවරයා වන අතර මාතලේ සාන්ත තෝමස් විදුහලින් බිහිවු තෙවැනි ජාත්‍යන්තර හොකී විනිසුරුවරයාද වේ.

අසෝක හිඳගොඩ මාතලේ දිසා විශේෂ

නව අදහස දක්වන්න