දිගම්පතහ අලි තහනම විහිළුවක් පරිසර සංවිධාන කියයි | දිනමිණ

දිගම්පතහ අලි තහනම විහිළුවක් පරිසර සංවිධාන කියයි

සීගිරිය වනජීවී කලාපයට අයත් දිගම්පතහ වන රක්ෂිතයෙහි අක්කර අටක පමණ භූමි සීමාවක් තුළ පවත්වාගෙන යන කසළ කන්දේ කැළිකසළ කාදමන්නට පැමිණෙන වන අලි රංචු නැරඹීම, දෙස් - විදෙස් සංචාරකයනට තහනම් කිරීමට මාතලේ දිස්ත්‍රික් සංවර්ධන සම්බන්ධීකරණ කමිටුව ගෙන ඇති තීරණය පදනම් විරහිත තීන්දුවක් බව පරිසර සංවිධාන රැසක් පෙන්වා දෙයි.

මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී (එජාප) හා මාතලේ දිස්ත්‍රික් සංවර්ධන සම්බන්ධීකරණ කමිටු සමසභාපති රංජිත් අළුවිහාරේ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 27 දින මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ පැවැති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී සීගිරිය වනජීවී නිලධාරි චන්ද්‍ර බණ්ඩාරනායක මහතා කමිටුවට කළ යෝජනාවකට අනුව මේ තීරණය ගෙන තිබේ.

දඹුල්ල මහ නගර සභාව, දඹුල්ල ප්‍රාදේශීය සභාව හා දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය දෛනිකව ටොන් ගණන් එකතු කරන කැළිකසළ බැහැර කිරීමේ මධ්‍යස්ථානය ලෙස පවත්වාගෙන යන මේ ස්ථානයට නිරන්තරවම පැමිණීමට පුරුදු වී සිටින වන අලි රංචු එක්රොක්වීම වළක්වා ගැනීම සඳහා නිසි ප්‍රමිතියෙන් යුතු විධිමත් අලි වැටක් යෙදීමට හා කසළ කළමනාකරණ හා ප්‍රතිචක්‍රීයකරණ ව්‍යාපෘතියක් නිසි පරිදි ක්‍රියාවට නැංවීමට පියවර නොගත් දෛනිකව දිවා කාලයේදී එම ස්ථානයට එන අලි - ඇතුන් පහසුවෙන් දැකබලා ගැනීමට එකී ස්ථානයේ රැ‍ඳෙන දෙස් විදෙස් සංචාරකයිනට මෙලෙස තහංචි පැනවීමට තීන්දු තීරණ ගැනීම නොහැකි කරුණක් බව ද පරිසර සංවිධාන අවධාරණය කරයි. 

සීගිරිය සමූහ

නව අදහස දක්වන්න