නිදන් සෙවූ තිදෙනා 12දා දක්වා රිමාන්ඩ් | දිනමිණ

නිදන් සෙවූ තිදෙනා 12දා දක්වා රිමාන්ඩ්

දළදා මාලිගාවට අයත් ගලේවෙල එනමල්පොත වහකෝට්ටේ ප්‍රදේශයේ ඉඩමක මාස කීපයක සිට නිධානයක් හෑරීම සඳහා විශාල ගලක් විදිමින් සිටි පුද්ගලයන් තුන්දෙනකු 12දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස දඹුල්ල මහේස්ත්‍රාත් ඉලංගසිංහ බණ්ඩාර මහතා නියෝග කළේය .

මෙසේ බන්ධනාගාරගත වුයේ මාදිපොල හතේ කනුව ප්‍රදේශයේ පදිංචි අබ්දුල් රයිස් මොහොමඩ් ආරිස්, ඇල්ලේපොල තෙල්දෙණිය පදිංචි අබ්දුල් රසාක් මොහොමඩ් රයිස්, ගලේවෙල මාදිපොල පදිංචි ආර්. ජි. දිනේෂ් කුමාර යන තිදෙනායි.

උඳුවප් පොහෝ දින රාත්‍රියේ දඹුල්ල පොලිස් විශේෂ කාර්ය බළකායේ පොලිස් කණ්ඩායමක් විසින් සැකපිට මේ පිරිස අත්අඩංගුවට ගෙන ගලේවෙල පොලිසියට භාර දී තිබිණි.

දඹුල්ල පොලිස් විශේෂ කාර්ය බළකායේ බුද්ධි අංශ වෙත ලැබුණු තොරතුරක් මත පොලිස් නිලධාරීහූ උඳුවප් පොහෝ දින රාත්‍රියේ පොද වර්ෂාවේ මෙම ස්ථානය වැටලීමට ලක් කළහ. පොලිස් කණ්ඩායම් එම ස්ථානයේ වට කරන විටත් පිරිස යාන්ත්‍රික උපකරණ යොදාගෙන විශාල ගලක් අඩි 25ක පමණ ගැඹුරු විශාල වළක් හාරා ඒ මත දෝනාවක් යවමින් නිදන් සොයමින් සිටි බව පොලිසිය කියයි.

ඔවුන් සතුව තිබී වෙඩි බෙහෙත් මෙන්ම ඩෙටනේටර් දෙහි එමෙන්ම විදුලි බලයෙන් ක්‍රියාත්මක කරන ගල් විදින සුවිශේෂී වූ යන්ත්‍ර සූත්‍ර බැකෝ යන්ත්‍ර ලියාපදිංචි නොකළ අංක තහඩු නොමැති යතුරුපැදියක් ද පොලිස් භාරයට ගැනිණි. 

සීගිරිය විශේෂ

නව අදහස දක්වන්න