ආසියානු 19න් පහළ රගර් තරගාවලියට ක්‍රීඩකයන් 30කගේ සංචිතයක් | දිනමිණ

ආසියානු 19න් පහළ රගර් තරගාවලියට ක්‍රීඩකයන් 30කගේ සංචිතයක්

ෆවුස් මොහොමඩ්

ලබන වසරේ පැවැත්වෙන අවුරුදු 20න් පහළ රගර් ලෝක කුසලාන තරගාවලියට ආසියාවෙන් සුදුසුකම් ලබන දෙවැනි රට තෝරාගැනීමේ තරගාවලියක් ලෙස පැවැත්වෙන ආසියානු අවුරුදු 19න් පහළ රගර් තරගාවලිය සඳහා ජාතික රගර් තේරීම් කමිටුව විසින් ක්‍රීඩකයන් 30කගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතය නම් කරනු ලැබීය.

සාන්ත තෝමස් විදුහල් පිලේ නායක නවීන් හේනකංකානම්ගේ නායකත්වයෙන් යුතුව නම් කරනු ලැබූ මේ සංචිතයට පසුගිය පාසල් රගර් තරගවාරයේදී කැපී පෙනෙන දස්කම් පෑ ක්‍රීඩකයෝ රැසක් ඇතුළත් වෙති. එසේ වුවත් මෑත කාලයේ පාසල් රගර් පිටියෙන් බිහිවූ විශිෂ්ට ක්‍රීඩකයන් වන කටුගස්තොට සාන්ත අන්තෝනි විදුහලේ සැමුවෙල් මධුවන්තට සහ වෙස්ලි විදුහලේ අවිශ්ක ලී ට මෙවර සංචිතයේ දොරටු වැසිමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. මේ ක්‍රීඩකයන් දෙදෙනාම මේ දිනවල පැවැත්වෙන අන්තර් සමාජ පළමුපෙළ ලීග් රගර් තරගාවලියේ දී සී.එච්.ඇන්ඩ් එෆ්.සී.ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කරන අතර ඔවුන් සංචිතය සඳහා නිදහස් කිරීමට එම ක්‍රීඩා සමාජයේ බලධාරීන් එකඟ නොවීමෙන් මේ තත්ත්වය උදාවි තිබේ.

ආසියානු අවුරුදු 19න් පහළ රගර් තරගාවලියේ වත්මන් ශූරයන් වන හොංකොං පිල සහ ශ්‍රී ලංකාව මේ තරගාවලියට ක්‍රීඩා කරන අතර මීට පෙර චින තායිපේ කණ්ඩායමත් තරගාවලියට ඇතුළත්ව සිටිය ද අවසන් මොහොතේ තරගාවලියෙන් ඉවත්වී තිබේ. අදියර දෙකකින් සමන්විත මේ තරගාවලියේ පළමු තරගය ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් කොළඹ තුරඟ තරග පිටියේදී මේ මස 10 වැනිදා පැවැත්වෙන අතර දෙවැනි තරගය මේ මස 17 වැනිදා හොංකොං නුවරදී පැවැත්වීමට නියමිතය. තරගාවලියේ ශූරයන්ට ලබන වසරේ අවුරුදු 20න් පහළ ලෝක කුසලාන තරගාවලියේ දොරටු විවර කෙරේ. ආසියාවෙන් දැනටමත් ජපානය ඒ සඳහා සුදුසුකම් ලබා සිටී.

ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ රගර් සංචිතය මෙසේය.

නවීන් හේනකංකානම්ගේ (නායක), හරිත් සේනානායක (සාන්ත තෝමස්), අවීශ ප්‍රියංකර (උපනායක),ශවීන් ඒකනායක, රෂේන් මාදෙන, දිලුක්ෂ දංගේ (ත්‍රිත්ව), විමුක්ති ගමගේ, තිමිර ආමන්ද, ශෂික ප්‍රනාන්දු, සායන් සාබර් (වෙස්ලි), ටෙහාන් සෙනෙවිරත්න, ස්වේන් මුලර්, චතුර සෙනෙවිරත්න, ගැමුණු චේතිය, මධුසංඛ පෙරේරා (සාන්ත ජෝශප්), දිනේෂ් රොඩ්‍රිගෝ, මොහොමඩ් ෂාබිර්, දිනුක් අමරසිංහ (සාන්ත අන්තෝනි), හරිත් බණ්ඩාර, සුධීර ගයනාත්, චමෝද් ප්‍රනාන්දු, රැන්ඩි සිල්වා (ඉසිපතන), උමාර් මොහිඩීන්, තීක්ෂණ දසනායක (සාන්ත පීතර), නිපුන තාරක, දුලාංජන පියතිස්ස (ධර්මරාජ), හේෂාන් ජන්සන්, ලක්ෂිත රණවීර (කිංග්ස්වුඩ්), හෂාන් මධුමාධව (විද්‍යා), අෂේන් ප්‍රනාන්දු (රාජකීය)


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...