යේමනයේ හිටපු ජනපති අලි අබ්දුල්ලා සලේ මිය යයි | දිනමිණ

යේමනයේ හිටපු ජනපති අලි අබ්දුල්ලා සලේ මිය යයි

යේමනයේ හිටපු ජනාධිපති අලි අබ්දුල්ලා සලේ ජීවිතක්ෂයට පත්ව තිබේ.

සලේගේ ආධාරකරුවන් සහ හූති කැරලිකරුවන් අතර හටගත් ගැටුම් අතරතුර එල්ල වූ ප්‍රහාර වලින් ඔහු ජීවිතක්ෂයට පත් වූ බව විදෙස් මාධ්‍ය සදහන් කර ඇත.

හිටපු ජනාධිපතිවරයා ජීවිතක්ෂයට පත් වූ බව ඔහු නියෝජනය කරන ජනතා කොංග්‍රස් පක්ෂය විසින් තහවුරු කර තිබේ.

සනා අගනුවර පාලනය අත්පත් කරගත් හූති කැරළිකරුවන් සලේගේ නිවසට ප්‍රහාර එල්ල කළ බවයි මින් පෙර වාර්තා වී තිබුණි. එහෙත් හිටපු ජනාධිපතිවරයාගේ මෝටර් රථය ඉලක්කකර එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් ඔහු ජීවිතක්ෂයට පත් වූ බව එරට ආරංචි මාර්ග පවසයි.

ජනතා කොංග්‍රස් පක්ෂයේ සහකාර ලේකම්වරයෙකු වන යසර් අල් අවාඩිද මෙම ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් විය.

නව අදහස දක්වන්න