ලාෆ්ස් ලුබ්රිකන්ට්ස් ‘රෝද තුනට සවියක්’ ජයග්‍රාහකයන්ට ත්‍යාග | දිනමිණ

ලාෆ්ස් ලුබ්රිකන්ට්ස් ‘රෝද තුනට සවියක්’ ජයග්‍රාහකයන්ට ත්‍යාග

දේශගුණික තත්වයන්ට වඩාත් ගැළපෙන ලිහිසි තෙල් නිෂ්පාදනයන් ඔස්සේ එන්ජින් ක්‍රියාකාරීත්වය වැඩි කිරීම උදෙසා ශ්‍රී ලාංකීය දේශගුණයට උචිත ලිහිසි තෙල් නිෂ්පාදනය කරන ලාෆ්ස් ලුබ්රිකන්ට්ස් සමාගම මෑතකදී ටූ ස්ට්‍රෝක්ස් සහ ෆෝ ස්ට්‍රෝක්ස් එන්ජින් ත්‍රීරෝද රථ වෙනුවෙන්ම ඇක්ස්ට්‍රන් සන්නාමය යටතේ ලිහිසි තෙල් නිෂ්පාදනයක් හඳුන්වා දෙන ලදි. ත්‍රීරෝද රථ එන්ජින් වෙනුවෙන්ම නිර්මාණය කළ වෙළෙඳපොළේ පවතින එකම ලිහිසි තෙල් සන්නාමය ඇක්ස්ට්‍රන් වේ. ෆෝ ස්ට්‍රොක්ස් ත්‍රීරෝද රථ වෙනුවෙන් ඇක්ස්ට්‍රන් 4T 20W-50 සහ ටූ ස්ට්‍රොක්ස් ත්‍රීරෝද රථ සඳහා ඇක්ස්ට්‍රන් 2T ලෙස හඳුන්වා දෙන මෙම ලිහිසි තෙල් නිෂ්පාදන එන්ජින් ක්‍රියාකාරීත්වය ඉහළ නැංවීම මෙන්ම එහි දිගු කල් පැවැත්මද මනාව තහවුරු කරයි.

මෙම ලිහිසි තෙල් වෙළෙඳපොළට හඳුන්වාදීමට සමගාමීව, ලාෆ්ස් ලුබ්රිකන්ට්ස් සමාගම මෙම නවතම නිෂ්පාදන පිළිබඳව පාරිභෝගිකයන්හට අවබෝධයක් ලබාදීම උදෙසා “රෝද තුනට සවියක්” නමින් අධ්‍යාපනික වැඩසටහනක් කොළඹ ආශ්‍රිත නගර 50ක ත්‍රීරෝද රථ රියදුරන් 9000කට වැඩි ප්‍රමාණයක් ආවරණය කරමින් සාර්ථකව ක්‍රියාත්මක කරන ලදි. වැඩසටහන අතරතුර සිදුකරනු ලැබූ දිනුම් ඇදීම ඔස්සේ ජයග්‍රාහකයන් 15ක් තෝරා ගන්නා ලද අතර ලාෆ්ස් ප්‍රධාන කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැති උත්සවයේදී එම වාසනාවන්ත ජයග්‍රාහකයන්හට වසරකට සරිලන ඇක්ස්ට්‍රන් ලිහිසි තෙල් පිරිනැමීය.

“දේශගුණික තත්වයන්ට උචිත වීම සහ කාර්යක්ෂමතාවය යන සාධක කෙරෙහි අවධානය යොමු කරමින් මෙම නවතම නිෂ්පාදනය මල්වත්තේ පිහිටි නවීනතම තාක්ෂණයෙන් සපිරි නිෂ්පාදනාගාරයේදී නිපදවනු ලැබුවේ පර්යේෂණ සහ සංවර්ධන කටයුතු ගණනාවකින් අනතුරුවයි. එමෙන්ම ත්‍රීරෝද රථ එන්ජින් වෙනුවෙන්ම නිර්මාණය කළ වෙළෙඳපොලේ පවතින එකම ලිහිසි තෙල් සන්නාමය වන්නේ ඇක්ස්ට්‍රන්. ශ්‍රී ලංකාවට ගැළපෙන උසස් තත්වයෙන් යුක්ත ලිහිසි තෙල් නිෂ්පාදනයන් හඳුන්වාදීම උදෙසා සැබෑ ශ්‍රී ලාංකීය සමාගමක් ලෙස අපගේ පර්යේෂණ සහ සංවර්ධන කණ්ඩායම සෑමවිටම කටයුතු කරනු ලබනවා.” ප්‍රධාන විධායක නිලධාරී නිරෝෂන් පීරීස් මහතා අදහස් දක්වමින් පැවසීය.

ලාෆ්ස් ලුබ්රිකන්ට්ස් සමාගම මෙම නව නිෂ්පාදන හඳුන්වාදීමට සමගාමීව ත්‍රීරෝද රථ රියදුරන් දැනුවත් කිරීමට පැවැත්වූ ප්‍රායෝගික අධ්‍යාපනික වැඩසටහන පිළිබඳව කෘතවේදී වෙමින් ජයග්‍රාහී වාසනාවන්තයකු වූ සුදේශ් ජයසිංහ මහතා අදහස් දක්වමින් මෙසේ පැවසීය. “මෙම නවතම ලිහිසි තෙල් නිෂ්පාදනය පිළිබඳව අපව දැනුවත් කරන්න පියවර ගැනීම සම්බන්ධයෙන් මම ලාෆ්ස් ලුබ්රිකන්ට්ස් සමාගමට බෙහෙවින්ම ස්තූතිවන්ත වෙනවා. ඇක්ස්ට්‍රන් ලිහිසි තෙල් භාවිතය මාගේ ත්‍රීරෝද රථයේ වැඩිදුර ධාවනයට මෙන්ම දුම් පිටවීම අඩුකිරීමටද හේතු වුණා. මගේ ජීවිකාව සම්පූර්ණයෙන් රැදී තිබෙන්නේ ත්‍රීරෝද රථය මතයි. එම නිසා ඇක්ස්ට්‍රන් වැනි උසස් තත්වයෙන් සපිරි නිෂ්පාදන භාවිතය ඔස්සේ දිගුකාලයක් ආරක්ෂාකාරීව මගේ රථය පවත්වා ගැනීමට මෙය ප්‍රයෝජනවත් වන බව මම විශ්වාස කරනවා. එසේම මෙවැනි විශිෂ්ට නිෂ්පාදනයක් හඳුන්වාදෙමින් අපව දැනුවත් කිරීම ගැන මම නැවත වරක් ලාෆ්ස් ලුබ්රිකන්ට්ස් සමාගමට ස්තූතිවන්ත වෙනවා.”

1995දී ආරම්භ කළ ලාෆ්ස් සමූහ ව්‍යාපාරය තුළ මේ වන විට සේවක සේවිකාවන් 4000කට අධික පිරිසක් සේවය කරන අතර, වාර්ෂිකව රුපියල් බිලියන 28කට අධික පිරිවැටුමක් උත්පාදනය කරයි. දේශීය සහ ජාත්‍යන්තර වශයෙන් බලශක්ති, සිල්ලර වෙළෙඳාම්, කර්මාන්ත, සේවා, හෝටල් සහ සංචාරක සේවා, ප්‍රවාහන සහ සැපයුම් කටයුතු, දේපළ වෙළෙදාම් යන අංශ තුල විවිධ ව්‍යාපාර ක්‍ෂේත්‍ර 20කට අධික

ප්‍රමාණයකට ව්‍යාප්තව ඇති ලාෆ්ස් සමූහ ව්‍යාපාරය, මිලියන ගණනක් පාරිභෝගිකයින්ගේ විශ්වාසනීයත්වය ඉහළින්ම දිනූ සැබෑ ශ්‍රිී ලාංකීය සමාගමකි.

 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...