ITC 1 Colombo 1 ව්‍යාපෘතිය ශ්‍රී ලාංකීය ඉදිකිරීම් ක්ෂේත්‍රයේ තවත් වැදගත් සන්ධිස්ථානයක් | දිනමිණ

ITC 1 Colombo 1 ව්‍යාපෘතිය ශ්‍රී ලාංකීය ඉදිකිරීම් ක්ෂේත්‍රයේ තවත් වැදගත් සන්ධිස්ථානයක්

ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් කරමාන්තයේ පුරෝගාමියෙකු වන නවලෝක කන්ස්ට්‍රක්ෂන් සමාගම විසින් ITC 1 Colombo 1 ලෙස කොන්ක්‍රීට් ඇතිරීමේ ව්‍යාපෘතියක් ඉන්දියාවේ ලාර්සන් සහ ටුබරෝ සමාගම හා එක්වෙමින් සිදු කර ඇත.

ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ඉතිහාසයේ දෙවන විශාලතම අඛණ්ඩ කොන්ක්‍රීට් ඇතිරීම මෙය වන අතර කොන්ක්‍රීට් ඇතිරුමේ සෑම අංශයක්ම නියම ආකාරයට ඇති බව තහවුරු කර ගැනීමට ඒ සඳහා නවලෝක කන්ස්ට්‍රක්ෂන් හි ඉහල සුදුසුකම් වලින් පරිපුර්ණ කණ්ඩායමක් පැය 54 ක පමණ කාලයක් වැය කර මෙම කාර්ය වෙනුවෙන්ම කැප වී ඇත. ශ්‍රී ලංකා ඉතිහාසයේ වේගවත්ම කොන්ක්‍රීට් ඇතිරුම පැයට ඝන මීටර් 103 ක් වන අතර මෙම කණ්ඩායම විසින් ඝන මීටර් 5650ක් සම්පූර්ණ කරන ලදී.

“ගෝලීය වශයෙන් පිළිගත් හෝටල් ජාලයක් සමග සම්බන්ධ වීම ගැන ඔවුන් නිහතමානීව සතුටු වන බවත් නවලෝක කන්ස්ට්‍රක්ෂන් සමාගමේ හැකියාවන් සහ ශක්තියට මෙම ව්‍යාපෘතිය සාක්ෂි දරණ බවත් ව්‍යාපෘතිය නිමාවේදී අදහස් දැක්වූ නවලෝක කන්ස්ට්‍රක්ෂන් සමාගමෙහි ප්‍රධාන විධායක නිළධාරී කලන අල්විස් මහතා පැවසීය.

මෙම ව්‍යාපෘතිය සඳහා ඉහල ප්‍රමිතියකින් යුත් තාප පාලන කොන්ක්‍රීට් භාවිතා කර ඇති අතර මිශ්‍රණයේ ඇති ගුණාත්මක බව සහතික කිරීමට 100% ක් ම නිෂ්පාදිත වැලි භාවිතා කර ඇත.

මධ්‍යම පරිසර අධිකාරිය විසින් නියම කරනු ලබන පාරිසරික ප්‍රමිතීන් සපුරාලීම සම්බන්ධයෙන් සමාගම අවධානය යොමු කිරීමේදී ISO 9001: 2008, ISO 14001: 2004 සහ OHAS 18001: 2007 සහ CIOB ග්‍රීන් ගෝල්ඩ් ප්‍රමිති සහතිකකරණ යටතේ අවශ්‍ය තත්ත්ව පාලන ක්‍රියාමාර්ග ගෙන ඇත.

ගාලුමුවදොර පිටියෙහි පිහිටි කුලුනු දෙකක මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් වූ ITC 1 Colombo 1 ව්‍යාපෘතියෙහි එක කුළුණක් කාමර 135 කින් සමන්විත වන අතර අනෙකුත් කුළුණ තරු පහේ හෝටල් කාමර 350 කින් සමන්විත වේ. හෝටලයේ කුළුණ සමග නේවාසික කුළුණ සම්බන්ධ කරමින් සෑදෙන පිහිනුම් තටාකය මීටර් 100 ක උසකින් ඉදිවීම ද මෙහි ඇති සුවිශේෂී ලක්ෂණයකි.

නවලෝක කන්ස්ට්‍රක්ෂන් සමාගම පිළිබඳව වැඩි විස්තර 0115 551111 ඇමතීමෙන් හෝ www.nawalokaconstructions.com වෙබ් අඩවියට පිවිසීමෙන් ලබා ගත හැකිය. 

නව අදහස දක්වන්න