තොරතුරු තාක්ෂණ ව්‍යාපාර ගැන වැඩි විශ්වාසයක් | දිනමිණ

තොරතුරු තාක්ෂණ ව්‍යාපාර ගැන වැඩි විශ්වාසයක්

තොරතුරු තාක්ෂණය හා තොරතුරු තාක්ෂණයට සම්බන්ධ අංශවලට ඉදිරි වසර පහක (05) කාලය තුළ අමෙරිකානු ඩොලර් බිලියන පහක (ඇ.ඩො. කෝටි 500) අපනයන ආදායමක් උපයා ගැනීමට හැකියාවක් ඇතැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා ප්‍රකාශ කරයි.

මේ අන්දමට අතිවිශාල ආදායමක් තොරතුරු තාක්ෂණ අංශයෙන් උපයා ගැනීමට නම් රජය ඊට අවශ්‍ය මානව හා භෞතික සම්පත් දියුණු කිරීම කළ යුතු යැයි කී ලේකම්වරයා ඒ සඳහා 2018 අයවැයෙන් විශාල දිරිදීම් ප්‍රමාණයක් ලබාදී ඇතැයිද කියා සිටියි.

ඒ අනුව ඉදිරි වසර පහ (05) තුළ මේ අංශයේ දියුණුවට රජය ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය තුළින් ක්‍රියාත්මක කරන දිරිදීම්වලට අමෙරිකානු ඩොලර් බිලියන 03, (ඇ.ඩො. කෝටි 300) ආයෝජනයක් සිදු කරන බවද ආචාර්ය සමරතුංග මහතා පෙන්වා දෙයි.

රජයේ මධ්‍යකාලීන ආර්ථික දැක්මට අනුව රටේ ඒකපුද්ගල ආදායම ඩොලර් 5000ක්ද, රැකියා දසලක්ෂයක් ද, විදේශ ආයෝජන ඩොලර් බිලියන 5ක් ද, අපනයන ආදායම් දෙගුණ කර ඩොලර් බිලියන 20ක්ද අත්කර ගැනීමට ඉලක්ක කොට ඇතැයි පෙන්වාදෙන ලේකම්වරයාගේ හඬට අපි දැන් සවන්දෙමු.

තොරතුරු තාක්ෂණය හා තොරතුරු තාක්ෂණයට සම්බන්ධ අංශවලට ඉදිරි වර්ෂ 5 තුළ අමෙරිකන් ඩොලර් බිලියන 5ක අපනයන ආදායමක් උපයාගත හැක. මේ අනුව මෙම කර්මාන්තයට විශේෂයෙන්ම කුඩා හා මධ්‍යම පරිමාණයේ තොරතුරු තාක්ෂණ සමාගම්වලට උපකාර කිරීම පිණිස ‍'තොරතුරු තාක්ෂණ ඇරඹුම' ක්‍රියාත්මක කරනු ඇත. මේ සඳහා අරමුදලක් ස්ථාපනය කරනවා. මෙහි මූලාරම්භය රු. මිලි. 300 අපනයන සංවර්ධන මණ්ඩලය තුළින් ක්‍රියාත්මක කරන අතර ඉදිරි වර්ෂ 5 තුළ රුපියල් බිලියන 3ක් ආයෝජනය කරිමන් පහත සඳහන් ක්ෂේත්‍රවලට සහාය වනවා.

දේශීය නව ව්‍යාපාර සහ විදේශ නව ව්‍යාපාර ආකර්ෂණය කර ගැනීමට සුළු හාමධ්‍යම පරිමාණයේ තොරතුරු තාක්ෂණ සමාගම් වෙත දැනුම හා කුසලතා නංවාලීමට සහාය වෙමින්ද නව ව්‍යාපාර ප්‍රවර්ධන ද ඇතුළත් වන පරිදි ව්‍යාපාර සංවර්ධනය සදහා යෝග්‍ය පරිසරයක් සැකසීම තුළින් ආරම්භක අවස්ථාවේ පවත්නා තොරතුරු තාක්ෂණ කර්මාන්ත රැකගැනීමේ ඒකක දේශීය විශ්වවිද්‍යාලවල ආධාරයෙන් ආරම්භ කිරීම.

තොරතුරු තාක්ෂණ ඇරඹුම යටතේ ව්‍යාපෘති සඳහා ආරම්භයේදීම පහත සඳහන් ආකාරයෙන් මූල්‍ය පහසුකම් සලසනු ඇත.

නව ව්‍යාපාර (Hatch Incubators) ආරම්භයේ සිට මාස 24ක් දක්වා කුලී වියදමෙන් සියයට 50ක සහනයක් ලබාදීම. ඕනෑම පෞද්ගලික ව්‍යවසායයෙකුට එවැනිම සහනයක් අනාගතයේදී ලබාදීම.

කොළඹ සහ මොරටුව විශ්වවිද්‍යාලයන් හා SLIIT ආයතනය විසින් තොරතුරු තාක්ෂණ ව්‍යාපාර සමඟ ඒකාබද්ධව කෘත්‍රිම බුද්ධිය (artificial intelligence) රොබෝ තාක්ෂණය, දත්ත විද්‍යාව, යාන්ත්‍රික විද්‍යාව, පරිගණක භාෂා සංවර්ධනය ආදී පුහුණු පාඨමාලාවන් පවත්වනවා ඇත. මෙම පාඨමාලාවන් සාර්ථකව නිම කරන අයට රැකියා අවස්ථා ලබාදීම පෞද්ගලික අංශය මඟින් සහතික කෙරෙනවා. මෙම පාඨමාලා සඳහා වන වියදම කර්මාන්තය සහ යෝජිත 'තොරතුරු තාක්ෂණ ඇරඹුම' වැඩසටහන මඟින් දරනු ලබනවා.

සහාය අපේක්ෂා කරන අපනයනකරුවන්ට හා 'තොරතුරු තාක්ෂණ ඇරඹුම' යටතේ ක්‍රියාත්මක ව්‍යාපාරවලට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් සඳහා වූ ඇපකර අරමුදල මඟින් සහාය වනු ඇත.

අලුතින් ආරම්භ කරනු ලබන සමාගම්වලට සහායවීම සහ නවෝත්පාදන සංස්කෘතිය (අයවැය යෝජනා අංක 81 සිට 84)

'ඇරඹුම' ණය යෝජනා ක්‍රමය

ජීව්‍ය ව්‍යාපාර අදහස් ඇති විශ්වවිද්‍යාල උපාධිධාරීන් මෙම 'ඇරඹුම' ණය පහසුකම් සඳහා සුදුසුකම් ලබයි.

උපරිම ණය සීමාව එක අදහසකට එක් පුද්ගලයෙකුට රුපියල් මිලියන 1.5ක් වේ.

ණය සඳහා සියයට 100ක පොලී සහනාධාරයක් රජය විසින් ලබාදෙන අතර ණය ආපසු ගෙවීම රජයේ ඇපකරයක් මඟින් මුළුමනින් සුරක්ෂිත කරනු ලැබේ.

'තොරතුරු තාක්ෂණ මූලාරම්භය'

වසර 3ක් සඳහා රුපියල් බිලියන 3ක් වෙන් කිරීම මඟින් රජය විසින් තොරතුරු තාක්ෂණ මූලාරම්භයන් මූල්‍යනය කරනු ඇත.

මෙම මූලාරම්භය මඟින් ප්‍රධාන ස්කන්ධ ප්‍රාග්ධන ආයෝජන, ණය පහසුකම්, උපදේශනය, තාක්ෂණ සහායන් යනාදී මූල්‍ය හා මූල්‍ය නොවන සහාය පහත සඳහන් කරනු සඳහා ලබාදෙනු ඇත.

අලුතින් ආරම්භ කරන දේශීය ව්‍යාපාර

අලුතින් ආරම්භ කරන විදේශීය ව්‍යාපාර ආකර්ෂණය කර ගැනීම වාර්ෂික පිරිවැටුම අමෙරිකානු ඩොලර් මිලියන 2 සිට 3 සහිත සුළු හා මධ්‍යම පරිමාණයේ තොරතුරු තාක්ෂණ සමාගම්වලට ඉදිරි වර්ෂ 3දී ඔවුන්ගේ ආදායම් දෙගුණ කිරීම සඳහා දේශීය විශ්වවිද්‍යාල සමඟ ඒකාබද්ධව දක්ෂතා සහ දැනුම අත්කර ගැනීම සහ වර්ධනය සඳහා Incubator ස්ථාපිත කිරීමට උදව් කිරීම මඟින් සවිබල ගැන්වීමේ පරිසරයක් නිර්මාණය කිරීම රජය විසින් කර්මාන්ත සහ විශ්වවිද්‍යාල අතර පහත සඳහන් ආකාරයෙන් ඵලදායි සම්බන්ධයක් සඳහා පහසුකම් සපයනු ඇත.

තොරතුරු තාක්ෂණ කර්මාන්තයට කොළඹ විශ්වවිද්‍යාලය, මොරටුව විශ්වවිද්‍යාලය හෝ SLIIT සමඟ එක්ව ඉල්ලුමට සරිලන ආකාරයෙන් කුසලතා අත්පත් කර ගැනීම සහ වර්ධනය කරගැනීමට හැකිවන පරිදි උදාහරණයක් ලෙස තොරතුරු තාක්ෂණ සමාගමකට තම සේවකයන් විශ්වවිද්‍යාල උපාධි අපේක්ෂකයන් ඇතුළුව සේවකයන් නොවන පුද්ගලයන් විසින් හදාරනු සඳහා පුහුණුවීම් ලබාදීමට අවශ්‍ය වන්නේ නම් එම සමාගම විසින් මෙම විශ්වවිද්‍යාල සමඟ එක්ව අවශ්‍ය පාඨමාලා සැලසුම් කළ හැක. 'තොරතුරු තාක්ෂණ මූලාරම්භය' විසින් මෙම වියදමින් කොටසක් දරනු ලබන අතර අදාළ සමාගම විසින් ඉතිරි මුදල දරනු ලබයි. එබඳු පුහුණුලාභීන් පාඨමාලාව සාර්ථකව නිමකිරීමෙන් පසු එම සමාගම්වල සේවයේ නියුක්ත කරනු ඇත.

මෙම වැඩසටහන අපනයන සංවර්ධන මණ්ඩලය මඟින් ක්‍රියාත්මක වන අතර අත්දැකීම් සහිත පෞද්ගලික අංශයේ වෘත්තිකයන් ආයෝජකයන් සහ ව්‍යවසායකයන්ගෙන් සැඳුම්ලත්ත කළමනාකරණ මණ්ඩලයකින් පාලනය වනු ඇත.

121 (Initiative) ආරම්භය

විශ්වවිද්‍යාල උපාධිධාරීන් සහ NVZ (4) සහතික ලත් උපාධිධාරීන් විසින් ජීව්‍ය ව්‍යාපාරික අදහස් වෙනුවෙන් පේටන්ට් බලපත්‍ර සඳහා ලියාපදිංචි කිරීමට අදාළ කර්මාන්ත සමඟ සම්බන්ධ කිරීම 121 වැඩසටහන ඉලක්ක කරනු ඇත. (කර්මාන්ත විසින් නව නිර්මාපකයා රැකබලාගනු ඇත)

රජය විසින් පහත සඳහන් වියදම් දරනු ඇත.

මාසික වැටුප උපරිමය රු. 50000ක සීමාවකට යටත්ව මාස 24ක කාලයක් සඳහා මාසික වැටුපෙන් සියයට 50ක් දක්වා

ශ්‍රී ලංකාව තුළ පේටන්ට් බලපත්‍ර ලබාගැනීම සඳහා වන වියදම සහ ඒ සඳහා උපදෙස් ලබාගැනීමේ වියදම් අපනයන පිවිසුම් වැඩසටහන (අයවැය යෝජනා අංක 88 - 92)

අප විසින් 'අපනයන වෙළෙඳපලට පිවිසීමේ උපකාරක වැඩසටහනක්' හඳුන්වාදෙන අතර එමඟින් ලබාදෙන සහාය පහත සඳහන් ලෙස ව්‍යාප්ත කරනු ඇත.

දැනටමත් වර්ෂයකට අපනයන වටිනාකම අමෙරිකන් ඩොලර් මිලියන 10කට වඩා අඩු දේශීය සමාගම්වලට ගෝලීය වටිනාකම් දාමයට වඩා ප්‍රශස්ත පිවිසුමක් ලබාදීමට අලුතින් අපනයන වෙළෙඳපලට පිවිසීමට විභවයක් ඇති ආයතනයන්ට මෙම වැඩසටහන මඟින් උපකාර කරනු ලබන්නේ, විදේශයන්හිදී දරන රක්ෂණ සහ ව්‍යාපාර ප්‍රවර්ධනය කිරීමේ වියදම්, බුද්ධිමය දේපළ ලියාපදිංචි කිරීමේ වියදම්, නොමිලේ ලබාදෙන නියදි සඳහා වන වියදම් ඇතුළු නීතිරීතිවලට අනුකූලවීමේ වියදම් ආවරණය කිරීමට මාස 36ක කාලසීමාවක් සඳහා විදේශීය වෙළෙඳපලට ළඟාවන දේශීය වෙළෙඳභාණ්ඩ සඳහා දරනු ලබන රාක්ක ඉඩකඩ සිල්ලර සාප්පු ඉඩකඩ සඳහා කුලී වියදම මුළුමනින්ම හෝ කොටසක් පියවා ගැනීම සඳහා අපනයන වෙළෙඳපල ප්‍රමිතීන්වලට අනුකූලවීම සඳහා පවතින නිෂ්පාදන දියුණු කිරීමට හෝ අලුත් නිෂ්පාදන ඇති කිරීමට අපනයනකරුවන්ට නිෂ්පාදන සහාය සහ මූල්‍යමය ආධාර 'එන්ටප්‍රයින් ශ්‍රී ලංකා' ණය යෝජනා ක්‍රමය මඟන් ලබාදෙනු අැත. මෙම වැඩසටහන අපනයන සංවර්ධන මණ්ඩලය මඟින් ක්‍රියාත්මක කරනු ඇත. 

ජය­සිරි මුණ­සිංහ  

නව අදහස දක්වන්න