ආයෝ­ජනවලට කොළ­ඹින් අක්කර 50ක් | දිනමිණ

ආයෝ­ජනවලට කොළ­ඹින් අක්කර 50ක්

කොළඹ වානිජ කලාපය ඇතුළත අක්කර 50 ක පමණ ප්‍රමාණයක් ආයෝජන කලාප බටය පත් කිරීමට නියමිත යැයි සඳහන්වේ.මේ වන විට රජය විසින් බේරේ වැව අවට නීතිවිරෝධීව පදිංචි රජයේ ඉඩම් නිදහස් කර ගනිම්න් පවතී." අනාගතයේ දී අපට පහසුවෙන්ම අක්කර 50 ක් මුදා හැරිය හැකියි" යනුවෙන් මෙගා පොලිස් හා බටහිර සංවර්ධන අමාත්‍ය චම්පික රණවක මහතා රොයිටර් පවත් සේවය හා පවසා ති‍බේ.නුදුරු අනාගතයේ දී කොළඔ නගරය තුළ වැඩ් වශයෙන් සංචාරක ව්‍යාපාරය හා බැඳුණු, සංචාරක අවන්හල් සහ අනෙකුත් සංවර්ධන ව්‍යාපෘති දියත් කිරීමට රජය බලාපොරොත්තු වේ .

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ප්‍රධානි පසුගිය සතියේ දී පවසා ඇත්තේ, ඩොලර් බිලියන 1.5 ක ඉලක්ක ගත ආදායමක් ලබා ගැනීම සඳහා ඩොලර් බිලියන 2.5 ක් ආයෝජනය කිරීමට අපේක්ෂා කරන ලබයි.කොළඹ වානිජ කලාපය තුළ ආයෝජන වැඩි කිරීමද මෙම විදෙස් විනිමය වර්ධනය කර ගැනීමේ ඉලක්ක සපුරා ගැනීමේ ප්‍රමුඛතම උපාය මාර්ගයක් වෙයි.

 

කොටස් වෙළෙඳ පොළෙහි වාර්තාගත විදේශ ආයෝජනයක්

 

වසරක කාලයකදී කොටස් වෙළෙඳපොළට වාර්තා වී ඇති වැඩිම විදේශ මිලදී ගැනිම් ප්‍රමාණය සදහා නව වාර්තාවක් සටහන් කරමින්, 2017 වර්ෂයෙහි රුපියල් බිලියන 105.1 ක විදේශ ආයෝජනයක් මේ වන විට සටහන් වී ඇත. මෙම නව වාර්තාව 2014 වර්ෂයේ රුපියල් බිලියන 104.7 යන අගය ඉක්මවා ඇති අතර එමගින් 2017 වර්ෂයෙදී කොටස් වෙළෙදපොළ කෙරෙහි විදේශ ආයෝජකයින් දක්වා ඇති විශේෂ උනන්දුව පෙන්නුම් කරයි.

ලාංකීය ආර්ථිකයෙහි ඉදිරි දැක්ම සහ ලැයිස්තුගත සමාගම් කෙරෙහි විදේශ ආයෝජක ප්‍රජාව අතර ඇති විශ්වාසය තහවුරු වීමක් ලෙස මෙම වාර්තාගත විදේශ ආයෝජනය පෙන්වාදිය හැක. මෙවැනි ආයෝජනයක දායකත්වයකින් කොටස් වෙළෙඳපොළෙහි සමාන්‍යය දෛනික පිරිවැටුම 2016 වර්ෂයෙදී රුපියල් මිලියන 737 සිට මේ වන විට රුපියල් මිලියන 955ක් දක්වා වැඩි වෙමින් 30% වර්ධනයක්ද පෙන්නුම් කර ඇත.

මෙම වාර්තාගත විදේශ ආයෝජනය පිළිබඳව අදහස් දක්වමින් කොළඹ කොටස් හුවමාරුවෙහි වෙළෙඳපොළ සංවර්ධන ප්‍රධානී නිරෝෂන් විජේසුන්දර මහතා පවසා සිටියේ විදේශ ආයෝජකයින් අතර ලාංකීය කොටස් වෙළෙඳපොළ තුල ඇති උනන්දුව වර්ධනය කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් මෙම වසර තුල කොළඹ කොටස් හුවමාරුව සහ ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව දියත් කර ඇති බවයි. එමගින් ඔස්ට්‍රේලියාව, නවසීලන්තය සහ ඇමෙරිකා‍ එක්සත් ජනපදය වැනි රටවල ආයෝජක සම්මන්ත්‍රණ පවත්වමින් ලාංකීය ආර්ථිකය සහ ලැයිස්තුගත සමාගම් පිළිබඳව උනන්දුවක් ඇතිකිරීමට සමත් වී ඇති බව හෙතෙම පැවසීය. කොටස් වෙළෙඳපොළ මෙම වසරෙහි සමස්ථයක් වශයෙන් දක්වා ඇති වර්ධනය හේතුවෙන් තවත් දීර්ඝකාලීන ආයෝජන අවස්ථා ඇති වතාවරණයක් උදා වී ඇති බව එතුමා තවදුරටත් පැවසීය.

එවැනි ආයෝජන අවස්ථා පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමේ අරමුණින් කොළඹ කොටස් හුවමාරුව සහ ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව එක්ව “කොටස් වෙළෙඳපොළ නගරයෙන් නගරයට” නමින් රට වටා ආයෝජක සම්මන්ත්‍රණ රැසක් පවත්වා ඇති අතර, ඉදිරියේදීද තවත් නගරවලදී මෙම සම්මන්ත්‍රණ පැවැත්වීමට නියමිතය. මීට අමතරව CSE ශාඛා ජාලය තුලින් වර්ධනය වෙමින් පවතින කොටස් වෙළෙඳපොළක ආයෝජනය පිළිබඳව දැනුවත් කිරීම සම්බන්ධයෙන් වැඩමුළු 500කට අධික ප්‍රමාණයක්ද මෙම වසරෙහි පවත්වා ඇත.

 

නව අදහස දක්වන්න