උහුරු කෙන්යාටා දෙවනවරටත් දිවුරුම් දෙයි | දිනමිණ

උහුරු කෙන්යාටා දෙවනවරටත් දිවුරුම් දෙයි

කෙන්යාවේ ජනාධිපතිවරයා ලෙස උහුරු කෙන්යාටා දෙවනවරටත් දිවුරුම් දෙනු ලැබීය.

සිය දිවුරුම් දීමෙන් අනතුරුව ජනතාව ඇමතූ ජනාධිපතිවරයා කියාසිටියේ පාලන කටයුතු සඳහා විපක්ෂයේ අදහස් ද ලබාගැනීමට බලාපොරොත්තුවන බවය.

අක්‍රමිකතා හේතුවෙන් පසුගිය අගෝස්තු මාසයේ පැවති ජනාධිපතිවරණයේ ප්‍රතිඵල කෙන්යාවේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවලංගු කිරීමත් සමඟ යළිත් වරක් ජනාධිපතිවරණයක් පැවැත්වීමට සිදුවිය. එහිදී ඔහුට 98%ක මනාප ප්‍රතිශතයක් ලබාගැනීමට හැකිවූ බව සඳහන්ය.

කෙන්යාටා 2013 වසරේ සිට එරට ජනාධිපතිවරයා ලෙස කටයුතු කරනු ලැබේ.

දිවුරුම්දීම අතරතුර පොලීසිය සහ විපක්ෂ කණ්ඩායම් අතර ගැටුම් හටගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...