Lanka IOC ඩිමෝ සහ ටාටා එක්ව Tata Motors Genuine Oil හඳුන්වා දෙයි | දිනමිණ

Lanka IOC ඩිමෝ සහ ටාටා එක්ව Tata Motors Genuine Oil හඳුන්වා දෙයි

Lanka IOC සීමාසහිත ඩීසල් සහ මෝටර් ඉංජිනේරු පොදු සමාගම සහ ඉන්දියාවේ Tata Motors යන දැවැන්ත සමාගම් තුන විසින් සාඩම්බර ලෙස Tata Motors Genuine Oil වෙළෙඳපොළට හඳුන්වා දෙයි. ටාටා වාහන සඳහා උසස් තත්ත්වයේ බේස් ඔයිල් වර්ග සහ තෝරා ගන්නා ලද විශේෂ ආකලනයන් සමඟ මුසු කරන ලද නව පරපුරේ ඉහළම කාර්යක්ෂමතාවයකින් යුතු එංජින් ඔයිල් වර්ගයක් ලෙස හඳුන්වා දී ඇත. ටාටා වාහන භාවිත කරන වටිනා පාරිභෝගිකයින් සඳහා තරගකාරී මිලකට ලබා දෙන ලද වඩාත් සුදුසුම එංජින් ඔයිල් වර්ගය ද මෙය වේ.

මෙය ටාටා ඩීසල් එන්ජින් සඳහා IOC තාක්ෂණය සමඟ විශේෂයෙන් නිර්මාණය කර ඇති අතර ඩිමෝ විශ්වාසය සහ නිර්දේශය යටතේ වෙළෙඳපොළට නිකුත් කෙරේ. Tata Motors Genuine Oil මඟින් වැඩි ඉන්ධන කාර්යක්ෂ්මතාවක් ලබා දෙන අතර එන්ජිමේ ආයු කාලය ද වැඩි කරයි.

එංජින් ඔයිල් මාරු කළ යුතු කාලය ද දීර්ඝ වන අතර වාහනය පණ ගැන්වීමේ දී සිදු වන ගෙවීම් සහ හානිවීම අඩු වීම, කෑම්/ටැපට් සහ වෑල්ව් පද්ධතියේ ඇති වන හානි ද අඩු කෙරේ. එමඟින් එංජින් ඔයිල් අඩු වීම පාලනය කෙරෙන අතර වායු විමෝචනය ද පාලනය කෙරේ. සීත කාලගුණයට ඔරොත්තු දීමේ ගුණය නිසා සෑම කාලගුණික තත්ත්වයක දී ම ඉතා හොඳ කාර්යක්ෂ්මතාවයක් පෙන්නුම් කරයි.

නව අදහස දක්වන්න