සිනායි ප්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව 235ක් දක්වා ඉහළට | දිනමිණ

සිනායි ප්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව 235ක් දක්වා ඉහළට

ඊජිප්තු සන්නද්ධ කණ්ඩායමක් 'සිනායි' අර්ධද්වීපයේ උතුරු කොටසේ බැතිමතුන්ගෙන් පිරී තිබූ මුස්ලිම් පල්ලියකට එල්ල කරන ලද ප්‍රහාරයකින් 235 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම ප්‍රහාරයේ දී තවත් බැතිමතුන් 125 දෙනකු පමණ තුවාල ලබා ඇති බව ද එම වාර්තාවල දැක්වේ.

'සිනායි' අර්ධද්වීපයේ උතුරු කළාපයේ පිහිටි අල්-රව්ඩා (al-Rawda) ගම්මානයේ පිහිටි පල්ලියට කඩා වැදුණ තුවක්කුකරුවන් බෝම්බයක් ද පුපුරුවා හැර ඇත.

ප්‍රහරකයන්ගේ ඉලක්කය වූයේ සිකුරාදා ආගමික කටයුතු සඳහා පල්ලියට පැමිණි ආරක්ෂක අංශවල ආධාරකරුවන් විය හැකි බව එක් වාර්තාවක සදහන්.

ඔවුන්ට ගොදුරු වූ පිරිස අතර යුද හමුදාවට සම්බන්ධ වූ පුද්ගලයන් මෙන්ම සාමාන්‍ය වැසියන් ද විශාල සංඛ්‍යාවක් වෙති.

මරණයට පත් ජනතාව වෙනුවෙන් දවස් තුනක ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට පත් කිරීමට ඊජිප්තු බලධාරීන් පියවර ගෙන ඇත.

නව අදහස දක්වන්න