ෆොන්ටෙරා ව්‍යාපෘතියෙන් පවස නිවන දිය දෝතක් | දිනමිණ

ෆොන්ටෙරා ව්‍යාපෘතියෙන් පවස නිවන දිය දෝතක්

මොර­ග­හ­හේන මහා විද්‍යා­ලයේ සිසුන් 1,500 කට අධික පිරි­ස­කට දැන් අඛණ්ඩ පිරි­සිදු ජල සැප­යු­මක් ලැබී තිබේ.

සෑම කෙනෙකුටම පිරිසිදු ජලය සහ උසස් තත්ත්වයේ අධ්‍යාපනය වැනි මූලික පහසුකම් ලබාගැනීමේ හැකියාව සහතික කිරීමෙන්, ඔවුන්ට තම ජීවන ශක්‍යතාවේ උපරිමය ළඟා කරගැනීම වඩාත් පහසු වන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශයට පත්කර ඇති තිරසාරත්ව සංවර්ධන ඉලක්ක මාලාවේ දැක්වේ.

දිවයිනේ ප්‍රදේශ රැසක ජනතාවට පිරිසිදු ජලය, සනීපාරක්ෂක පහසුකම් සහ අනෙකුත් යටිතල පහසුකම් ප්‍රමාණවත් පරිදි නොලැබෙන අතර එය ඔවුන්ට තම ජීවන තත්ත්වය උසස් කරගැනීමටද මෙන්ම උසස් තත්ත්වයේ අධ්‍යාපනයක් ලැබීමටද බාධාවකි. මෙම ප්‍රජාවන්ගේ අනාගතය යහපත් කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම මේ මොහොතේ ජාතික වැදගත්කමකින් යුත් කරුණක් බවට පත්වී තිබේ.

ඇන්කර් සන්නාමය හිමි ෆොන්ටෙරා බ්‍රෑන්ඩ්ස් ශ්‍රී ලංකා සමාගම මෙම කරුණ සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමුකර ඇති අතර වඩාත් තෘප්තිමත් හා සමෘද්ධිමත් කිරිගොවි ප්‍රජාවන් නිර්මාණය කිරීම යන ඉලක්කය මූලික කරගෙන තම ප්‍රජා සත්කාර වැඩසටහන් ක්‍රියාත්මක කරයි.

2014 වසරේ සිට මේ දක්වා, මෙම ඉලක්කය යටතේ ෆොන්ටෙරා සමාගම ව්‍යපෘති 82 ක් සාර්ථක ලෙස සම්පූර්ණ කර තිබේ. මෙහිදී තිරසාර ජල සම්පාදන හා සනීපාරක්ෂක පහසුකම් ස්ථාපිත කිරීම, පාසල් සහ මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන වල යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම, ගුරුවරුන් පුහුණු කිරීම, ආහාර වල සුරක්ෂිතතාව සහතික කිරීම සහ සෞඛ්‍ය හා සුරක්ෂිතතා වැඩසටහන් ක්‍රියාවට නැංවීම ආදිය කෙරෙහි සමාගමේ මූලික අවධානය යොමුවී ඇත.

මෙම ව්‍යාපෘති හරහා 50,000 කට වැඩි පිරිසකගේ ජීවන තත්ත්වය නගාසිටුවීමට දායකත්වය ලබාදීමට ෆොන්ටෙරා සමාගම දැනටමත් සමත් වී තිබේ. මෙහි නවතම වැඩසටහන ලෙස හොරණ ප්‍රදේශයේ ජල සහ සනීපාරක්ෂ පහසුකම් ව්‍යාපෘතියක් ජනතා අයිතියට පත්කරන ලදි.

මෙම නව ව්‍යාපෘතිය ඔස්සේ මීට පෙර වියළි කාලගුණය පවතින කාලවලදී මාස ගණනක් පිරිසිදු ජලය හිඟ වීමේ ගැටලු‍වට මුහුණ දුන් මොරගහහේන මහා විද්‍යාලයේ සිසුන් 1,512 දෙනෙකුට සහ ගුරුවරුන් 64 දෙනෙකුට සෙත සැලසේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ෆොන්ටෙරා බ්‍රෑන්ඩ්ස් ශ්‍රී ලංකා සමාගමේ අධ්‍යක්ෂ (ආයතනික කටයුතු) අතුල කහඳලියනගේ මහතා පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාවේ කිරිගොවි ප්‍රජාවන් ශක්තිමත් කිරීමට සමාගම කැපවී සිටින බවයි. 

 

නව අදහස දක්වන්න