පුංචි ඡන්දය ගැන පක්ෂ නායකයින් රැස්වීමක | දිනමිණ

පුංචි ඡන්දය ගැන පක්ෂ නායකයින් රැස්වීමක

පළාත් පාලන මැතිවරණය කල්දැමීම සම්බන්ධයෙන් හෙට පක්ෂ නායක රැස්වීමක් කැඳවා සාක්ච්ඡා කරන බව කතානයක කරු ජයසූරිය පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

ඒ ඉන්දියාවේ නිල සංචාරයකට එක්ව සිටින අග්‍රාමත්‍යවරයා ද පැමිණීමෙන් පසුවයි.

එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී හේෂාන් විතානගේ මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් මේ බව කතානායකවරයා සඳහන් කල අතර මේ අවස්ථාවේ දී සභාවේ මන්ත්‍රීවරුන් ඡන්දය පැවැත්විය යුතු බවට සඳහන් කළේ ය.

මෙහිදී අඳහස් දැක්වූ මන්ත්‍රීවරුන් -

(සභානායක,අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල) 

අධිකරණය ලබාදුන් තීන්දුව වෙනස් කිරීමට නොහැකියි

(මන්ත්‍රී චමින්ද විජේසේකර)

පැරණි ක්‍රමයට ඡන්දය පැවැත්වීමට කටයුතු කරන්න.

(මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන)

හැකි ඉක්මනින් ඡන්දය පැවැත්වීමට කටයුතු කළ යුතුයි.

එහිදී කතානායකවරයා කියා සිටියේ තමන්ට ඡන්දයක් පැවැත්වීමට නොහැකි බවත් මේ සම්බන්ධයෙන් හෙට සාකච්ඡා කරන බවත් එම වගකීම ඉටු කරන බවත් ය.

නව අදහස දක්වන්න