වයඹ පළාත් අන්තර් ජල ක්‍රීඩා සංගම් පිහිනුම් ශූරතාව වෙන්නප්පුව ජෝසප් වාස් විදුහලට | දිනමිණ

වයඹ පළාත් අන්තර් ජල ක්‍රීඩා සංගම් පිහිනුම් ශූරතාව වෙන්නප්පුව ජෝසප් වාස් විදුහලට

මුන්නේශ්වරම සමූහ ඊ.සි.ප්‍රනාන්දු

වෙන්නප්පුව පෙස්ටස් පෙරේරා පිහිනුම් තටාකයේ දී පැවැති වයඹ පළාත් අන්තර් ජල ක්‍රීඩා සංගම් අතර වයස් කාණ්ඩ පිහිනුම් තරගාවලියේ බාලක ශූරතාව දිනා ගැනීමට ලකුණු 362 ක් රැස්කළ වෙන්නප්පුව සාන්ත ජෝසස් වාස් විදුහල සමත් වූ අතර බාලිකා ශූරතාව ලකුණු 344 ක් ලබාගත් දංන්කොටුව බාලිකා මහ විදුහලට හිමිවිය.

තරගාවලියේ බාලක හා බාලිකා අනුශූරතා ද්විත්වයම වෙන්නප්පුව ඩොල්පින් පිහිනුම් සමාජයට හිමිවිය.

ජාතික ජල ක්‍රීඩා සංගමයේ පුර්ණ අනුග්‍රහය යටතේ පුත්තලම දිස්ත්‍රික් පිහිනුම් සංගමය මේ තරගාවලිය සංවිධාන කර තිබුණි.

තරගාවලියේ විවෘත අංශයේ බාලක ශූරතාව වෙන්නප්පුව ජෝසප් වාස් විදුහලේ ඩබ්. අමිල ප්‍රනාන්දු දිනාගත් අතර කුරැණෑගල පයින් පයින්ස් ජල ක්‍රීඩා සමාජයේ මාසා දනංජි බාලිකා ශූරතාව දිනා ගත්තාය.

තරගාවලියේදී ඒ ඒ වයස් කාණ්ඩයන්ගේ දක්ෂතම ක්‍රීඩකයන් මෙසේය.

බාලක

අවු. 9න් පහළ - එම්. අයි. එම්. මුෂාබි ඉක්බාල් (කුරුණෑගල පයින් පයින්ස් ජල ක්‍රීඩා සංගමය)

අවු. 11න් පහළ - ජි.එල්.එන්. දළුවත්ත (පයින් පයින්ස්)

අවු. 13න් පහළ - ජයෝදා නිශේෂි හා ඩබ්ලිව්.නිර්මාල් ප්‍රනාන්දු (වෙන්නප්පුව ඒ ඇන්ඩ්)

අවු. 15න් පහළ - කේ.කේ.කුෂාන් චමුදිත (කුරුණෑගල නෝදන් වෙස්ටන්)

අවු. 17න් පහළ - එම්.එෆ්.එම්.ලතිෆ් (පයින් පයින්ස්)

අවු. 19න් පහළ - ආර්.තිමිර හිරුශාන් ප්‍රනාන්දු (වෙන්නප්පුව ඩොල්පින්)

බාලිකා

අවු. 9න් පහළ - දිනිති සී. සමරජීව (පයින් පයින්ස්)

අවු. 11න් පහළ - ඩබ්.හංසිකා පූර්ණි ප්‍රනාන්දු (දන්කොටුව)

අවු. 13න් පහළ - ඒ.පී.නදිනි නේත්‍රා ද සොයිසා (දන්කොටුව බාලිකා)

අවු. 15න් පහළ - ඩබ්.වී.ලෙහෙන්සා ලෝව් (ඩොල්පින් ක්‍රීඩා සමාජය)

අවු. 17න් පහළ - ඒ.පි.සදලි අංජලිකා (දන්කොටුව බාලිකවේ)

අවු. 19න් පහළ - තිසරි මුතුමුනි ප්‍රනාන්දු (ඩොල්පින් ක්‍රීඩා සමාජය)

විවෘත-ඩබිලිව්. අමිල ප්‍රනාන්දු (ජෝසප් වාස්), මාසා දනංජි (කුරුණෑගල පයින් පයින්ස් ජල ක්‍රිඩා සමාජය)

නව අදහස දක්වන්න