මව රකින අඳ පුතුට පිහිටක් වෙමු ද? | දිනමිණ

මව රකින අඳ පුතුට පිහිටක් වෙමු ද?

සිය මහලු රෝගී මව රැක බලා ගනිමින් අසීරුවෙන් ජීවිකාව ගෙන යන අන්ධ පුතකු පිළිබඳ තොරතුරු බලංගොඩ වැලිගෙපොල හඳගිරිගොඩ ප්‍රදේශයෙන් අපට වාර්තා විය. ඔහු නමින් පී. කේ. ශාන්ත සුමනසිරි ය. වයස අවුරුදු 45ක් පමණ වෙයි. උපතින්ම දෑස නොපෙනෙයි. ශාන්තගේ පවුලේ සහෝදර සහෝදරියන් විවාහ වී වෙන් වී ජීවත් වන අතර නිවෙසේ තනි වී ඇත්තේ ශාන්තත් ඔහුගේ වියපත් මවත් පමණි. සිය සහෝදර සහෝදරියන්හට මේ අය පිළිබඳ සොයා බැලීමට තරම් වත්කමක් නොමැත. පොල් ඉරටු සූරා ලබා ගන්න මුදලින් සිය මෑණියනුත් සමඟ ජීවිත ගත කරන බව එහිදී ශාන්ත අපට පැවසීය.

මට උපතින්ම ඇස් පේන්නේ නැහැ. මමයි අවුරුදු 80ක් විතර වෙන අම්මයි විතරයි මේ ගෙදර ජීවත් වෙන්නේ. අපිට කිසිම ස්ථිර ආදායම් මාර්ගයක් නැහැ. මම ඉරටු සූරලා දවසකට ගන්න රුපියල් 100ක් 150ක් වගේ මුදලින් තමයි අපි දෙන්නම ජීවත් වෙන්නේ. අම්මාත් මේ දිනවල ලෙඩ වෙලා ඉන්නේ. ඉතින් මට අම්මාත් බලාගෙන ගෙදර දොරේ උයන පිහන වැඩත් කරන්න වෙලා තියෙනවා. වතුර ගේන්න සැතපුම් දෙකක් විතර ඈතට යන්න ඕනි. මම හැරමිටිය තිය තියා මේ කැලෑව මැදින් වතුර ගේන්න යනවා. අඩුම තරමේ අපිට වැසිකිළි පහසුකමක්වත් නැහැ. අම්මාටයි මටයි බෙහෙත් ගන්නත් මාසෙකට ලොකු මුදලක් වියදම් වෙනවා.

මට මේ වැඩ ටික කර ගන්න කාට හරි උදවු කරන්න පුළුවන් නම් ලොකු පිනක්. අපිට උදවු කරන්න කියලා හැමෝගෙන්ම ඉල්ලනවා.

පී. කේ. ශාන්ත සුමනසිරිට උදවු කරන්න කැමති අයට මහජන බැංකුවේ වැලිගෙපොළ ශාඛාවේ 2070048454 ගිණුම් අංකයට මුදල් තැන්පත් කිරීමෙන් උපකාර කළ හැකියි.

බලංගොඩ විශේෂ සම්පත් ප්‍රියනන්දන

 

නව අදහස දක්වන්න