ඉල් මාසයේ මතක කඳුළක් වීරසූරිය සිසු ඝාතනය | දිනමිණ

ඉල් මාසයේ මතක කඳුළක් වීරසූරිය සිසු ඝාතනය

එදා වීරසුරිය සිසුවා

කුරුණෑගල අධ්‍යාපන කලාපයේ පොල්ගහවෙල අධ්‍යාපන කොට්ඨාසයේ අති දුෂ්කර උහුමීය, මුදුන්න ගමේ කු/ශ්‍රි පියරතන මහා විදුහලින් (මුදුන්න මහා විදුහල එදා) අධ්‍යාපනය ලබා විශ්වවිද්‍යාලයට සමත් වූ එකම සිසුවා විශ්වවිද්‍යාලීය භුමිය තුළදීම 1976.11.12 දින පොලිස් වෙඩි පහරකින් මීය ගියේ සිසු අරගලයක දී දිවි දුන් ශ්‍රි ලංකාවේ පළමු සිසුවා ලෙස ඉතිහාසයට එක් වෙමිනි.

තම වැඩිමහල් සොයුරා පොලිස් නිලධාරියෙක් ලෙස එවකට බම්බලපිටිය පොලිසියේ සේවය කරමින් සිටියදී සොයුරාට තවත් පොලිස් නිලධාරියකුගේ වෙඩි ප්‍රහාරයකින් අවසන් ගමන් ගිය පුවත ඇසීමට ලැබිම කොතරම් ශෝචනීය ද..? ඒ වීරසුරිය විශ්වවිද්‍යාල සිසු ඝාතනය සමඟ සරසවි සිසුන්ට ආහාර පාන සැපයීම විශ්වවිද්‍යාල බලධාරින් හා අනධ්‍යයන කාර්ය මණ්ඩලය මණ්ඩපාධිපති අතර අර්බුදය හටගෙන තිබුණි. එය විසඳුනේ නැති තැන නේවාසිකාගාරවල සිටි සිසුන්ට ආහාර නොලැබීම නිසා සෙනෙට් ගොඩනැඟිල්ල තුළ මණ්ඩපාධිපති කාර්යාලය වටලා මණ්ඩපාධිපති ඇතුළු කාර්ය මණ්ඩලය 1976 නොවැම්බර් මස 11වන දින සවස් කාලයේ සිට 12 දා අලුයම දක්වා කාර්යාල අඩස්සියේ රඳවා ගැනිමට සිසුන් සමත් විය.

විශ්වවිද්‍යාල පාලන අධිකාරිය පොලිසිය කැරලි මර්දන ඒකක කැඳවිමත් සමඟ සිසු උද්ඝෝෂණ උත්සන්න විය. කඳුළු ගෑස් ප්‍රහාර, බැටන් ප්‍රහාර හා වෙඩි තැබිමට පටන් ගැනිණි. ගලහා පාර දිග දිව ගිය සිසුන්ට වෙඩි තබන්න නියෝග ලැබි තිබුණි. සිසු අරගලවලට සම්බන්ධ නැති වීරසුරිය සිසුවා බඩගින්න නිවාගන්න ගලහා පාරේ පෙට්ටි කඩය වෙත යමින් සිටියදි ඔහුට වෙඩි තබන ලදි.

මෙම සිසුවාගේ මරණය පිළිබදව පාර්ලිමේන්තු කොමිෂමක් පත් කරන ලෙස එවකට විපක්ෂනායක ඡේ.ආර්.ඡයවර්ධන මහතා.1976.11.16 වන දින පාර්ලිමේන්තුවේ දි ඉල්ලිමක් කළේය. එය හැන්සාඩ් වාර්තාවේ තිබෙන බව විරසුරිය සිසුවාගේ මල්ලි ඩබ්ලිව්.එම්.රණසිංහ මහතා පවසයි. රණසිංහ මහතා උහුමිය ඩි.එස්.සේනානායක මහා විදුහලේ ප්‍රාථමික අංශයේ විදුහල්පති ලෙස සේවය කර විශ්‍රාම ගෙන විවේකීව සිටි.

“විරේ අයියා

මුදුන්න ගමේ මහ විදුහලින් පළමු ශ්‍රේණියේ සිටම ඉගෙනුම ලැබුවා. දක්ෂතා රැසක් කුඩා කල සිටම පෙන්නුම් කළා. පන්තියේ පළමුවැන්නා හෝ දෙවැන්නා. පාසල් තූර්ය වාදක කණ්ඩායමේ කැපී පෙනෙන දක්ෂයෙක්, ප්‍රධාන ශිෂ්‍යනායක, නාට්‍ය කණ්ඩායමේ උද්‍යෝගිමත් සාමාඡිකයෙක් ද ජවන හා පිටිය තරගවලින් දිස්ත්‍රික් ඡයග්‍රහණ අත්කරගෙන තිබුණි. කෙටියෙන්ම කියනවා නම් පාසල් සමයේ වීරසුරිය සිසුවා ඕල් රවුන්ඩර් කෙනෙක්.”

මුදුන්න කියන්නේ් අදටත් දුෂ්කර ගමකි. පිටිසරබද ප්‍රදේශයකි. එම ගමේ ගොවිතැන් කර දරුවන් හදාවඩා ගත් වීරසුරිය මුදියන්සේලාගේ පුංචි බණ්ඩා මහතාට හා රත්නායක මුදියන්සේලාගේ ටිකිරි මැණිකා මහත්මියගේ දෙවන දරුවා 1954 සැප්තැම්බර් මස 09වන දින කටුමැටි ගැසූ පොල්අතු සෙවිලි කළ කුඩාම කුඩා නිවෙසක උපත ලබා ඇත්තේ වැඩිමහල් සොයුරෙක්, බාල සොයුරන් ති‍දනෙක් හා එකම නැගණියක් ද සමඟය.

පාසල් සමයත් විනෝදයට කැප නොකළ වීරසුරිය පියාගේ ගොවිතැන් කටයුතුවලට හවුල් විය. ඒ අතර බාල සොයුරන්ට හා එකම නැගණියට ද හොඳ අධ්‍යාපනයක් ලබාදෙන්න සිහින දකිිමින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයට ඇතුළු විය. හිල්ඩා ඔබේසේකර ශාලාවේ වීරසුරිියට නේවාසික පහසුුකම් සැලසිණි. (අද එය ගැහැනු නේවාසිකාගාරයකි.)

වීරසුරිය ඝාතනය පිළිබදව සොයා බැලිමට කොමිෂන් සභාවක් පත් කර කොමසාරිස්වරයා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඩි.විමලරත්න මහතා පත්කර ඇත. එම කොමිෂන් සභා වාර්තාවේ සමහර කොටස් පමණක් 1977.02.03 වන දින ප්‍රසිද්ධ කර ඇත. ගමේ බොහෝ දෙනෙක් මහනුවර ගියා වීරේ අයියාගේ දේහය ගෙන එන්න. ඒ වන විටත් ලොකු අයියාට දැනුම් දීලා පැය විසිතහරක් ඇතුළත අවමංගල කටයුතු අවසන් කරන්න කියලා. එදා මෙම ගමට විශාල ප්‍රසිද්ධියක් ලැබුණා. වීශාල සෙනඟක් මුදුන්න පොදු සුසාන භූමියට පැමිණ සිටියා” රණසිංහ මහතා විස්තර කළේ 99 වර්ෂයේ පත් වූ එක්සත් ඡාතික පක්ෂ රජය වීරසූරිය සිසුවාට සාධාරණය ඉටු කළා.

පේරාදෙණිය සරසවි භුමියේ වීරසුරිය ස්මාරකයක් ඉදි කෙරිණි. ජේ.ආර්. ජයවර්ධන රජය විසින් මුදුන්න මංසන්දියේ පිහිටි විදුහලට නව ශාලාවක් ලබා දි එය වීරසුරිය නමින් නම් කරන ලදි. වීරසුරිිය සමරු ප්‍රතිමාවක් ඉදිකර දුන්නේ ආර්.ප්‍රේමදාස අගමැතිවරයාය. එදා මුදුන්න මහා විදුහල අද කු/ශි්‍ර පියරතන මහා විදුහල ලෙස නම් කර ඇත. 

 ගුණරත්න ලියනආරච්චි
කුරුණෑගල දිස්ත්‍රික් සංචාරක 

නව අදහස දක්වන්න