රූපලාවණ්‍ය හා කේශලාවණ්‍ය ශිල්පීන් ජනපති අතින් ඇගයීමට | දිනමිණ

රූපලාවණ්‍ය හා කේශලාවණ්‍ය ශිල්පීන් ජනපති අතින් ඇගයීමට

රූපලාවණ්‍ය  හා කේශලාවණ්‍ය ක්ෂේත්‍රයේ කටයුතු කරන පිරිස් ඇගයීමට ලක් කිරීමේ සම්මාන උළෙලක් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්  (20) පස්වරුවේ බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේ දී පැවැත්විණි.
 
රූපලාවණ්‍ය  හා කේශලාවණ්‍ය ක්ෂේත්‍රයේ කටයුතු කරන පිරිස් ඇගයීමට ලක්වූ ප්‍රථම අවස්ථාව මෙය වන අතර, ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් මෙම සම්මාන උළෙල සංවිධානය කර තිබුණි.
 
රූපලාවණ්‍ය සහ කේශලාවණ්‍ය ශිල්පී ශිල්පිනියන් 16 දෙනෙකු පමණ මෙහිදී ජනාධිපතිතුමා අතින් සම්මාන ලබාගත්හ.
 
අමාත්‍ය චන්දිම වීරක්කොඩි, දයා ගමගේ, නියෝජ්‍ය ඇමතිනි අනෝමා ගමගේ, කරුණාරත්න පරණවිතාන යන මහත්ම මහත්මීන් ඇතුථ ආරාධිත පිරිසක් සහ රූපලාවණ්‍ය හා කේශලාවණ්‍ය ශිල්පී ශිල්පිනියන් 350 කට අධික පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

නව අදහස දක්වන්න