නව ආර්ථික දැක්මක් රජය සතුයි | දිනමිණ

නව ආර්ථික දැක්මක් රජය සතුයි

 ඇමැති මලික් සමරවික්‍රම

ස්වර්ණා විජේකෝන්,රෝෂන් තුෂාර, මහින්ද අලුත්ගෙදර

විදේශ ආයෝජන රටට ගෙන්වා නව ආර්ථික දැක්මක් රජය සතුවන බව සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙද කටයුතු ඇමැති මලික් සමරවික්‍රම මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (20) පැවසීය.

පසුගිය කාලයේදි ශ්‍රී ලංකාවේ විදේශ ආයෝජන දුර්වල මට්ටමක පැවැති අතර 2017-2018 වසර දෙකේදි ආයෝජන ක්ෂේත්‍රයේ නව පුනරුදයක් ඇතිකරන බවත් ඇමතිවරයා පැවසීය.

ඇමැැති මලික් සමරවික්‍රම මහතා මේ බව සඳහන් කළේ සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍යාංශ‍ය පිළිබඳ වැය ශිර්ෂය වෙනුවෙන් විවාදයට එක් වෙමිනි.

ඉන්දියාව,චීනය,සිංගප්පූරුව, හා යුරෝපීය රටවල් සමඟ නව වෙළෙඳ ගිවිසුම් රැසක් රජය අත්සන් කර ඇති බව පැවසූ ඇමතිවරයා ආයෝජකයන්ට මෙතෙක් පැවැති බාධා ඉවත්කර නීති රීති ලිහිල් කර ඇති බවද පෙන්වා දුන්නේය.

චින රජයේ ආයෝජන යටතේ එක්සත් ජනපද ඩොලර් බිලියන 1.2ක් වටිනා කමින් යුතු නව කර්මාන්තශාලා කලාපයක් හම්බන්තොට ස්ථාපිත කරන බවත් පැවසීය.එමෙන්ම බිංගිරිය, මාතර, වැලිගම,මාවතගම, මිල්ලනිය,ඇතුළු ප්‍රදේශ රැසක තවත් කර්මාන්ත ශාලා රැසක් ඇතිකරන බවද සඳහන් කළේය.

ජී එස් පී සහනයෙන් ආර්ථික වාසි රැසක් අත්කරගෙන ඇති රජය සිංගප්පූරුව සමඟ නව වෙළෙද ගිවිසුමක් අත්සන් කිරීම සඳහා සාකච්ඡා වට හතක් පවත්වා ඇති බවද කීය.

එමෙන්ම ලෝක බැංකු සහායද රජයට ලැබෙන බව පැවසූ ඇමතිවරයා 2018 වසරේදී ශ්‍රී ලංකාවේ සාමාන්‍ය ලියාපදිංචිය දින 9 සිට 1 දක්වා නව පහසුකම් ලබාදෙන බවත් පැවසීය. 2020 දී වනවිට ශ්‍රී ලංකාව ආර්ථිකයේ හිනි පෙත්තට නංවාලීම රජයේ ඉලක්කය බවත් පෙන්වා දුන්නේය. 

නව අදහස දක්වන්න