Dialog Mega වාසනා තවත් කෝටිපතියෝ දෙදෙනෙක් | දිනමිණ

Dialog Mega වාසනා තවත් කෝටිපතියෝ දෙදෙනෙක්

මෙරට දුරකථන සමාගමක් සිය පාරිභෝගිකයන් වෙනුවෙන් දියත් කරන ලද විශාලතම ප්‍රසාද දීමනා වැඩසටහන ලෙස පිළිගැනෙන Dialog Mega වාසනා තෑගි තරගය තම ජයග්‍රාහි ගමනේ පියවර 2 ක් ඉදිරියට තබමින් තවත් කෝටිපතියන් දෙදෙනෙකු බිහි කිරීමට පසුගිය දා සමත් විය. සෑම සතියකම රුපියල් කෝටියක සුවිශාල මුදල් ත්‍යාගයක් දිනාගැනීමේ සුපිරි වරම පිරිනමන Dialog Mega වාසනා මහා තෑගි තරගයෙන් මෙවර වාසනාවන්තයින් දෙදෙනා ද ඇතුළුව මෙතෙක් බිහි කර ඇති මුළු කෝටිපතියන් ගණන 12 ක් වේ.

Dialog ආසිආටා සමාගම මෙවැනි විශාල ත්‍යාග මුදල් සම්භාරයක් පිරිනැමීම මගින්, බලාපොරොත්තු වන්නේ සිය පාරිභෝගිකයන් සවිබල ගන්වන අතරම, ශ්‍රී ලාංකික වැසියන් වැඩිම පිරිසකට වාසනාව උදා කරදීමයි.

මේ වන විට කෝටිපතියන් 12 දෙනෙක් බිහි කරමින් ශ්‍රී ලාංකීය ජංගම දුරකථන ඉතිහාසයේ අඩුම කාලයකින් වැඩිම ත්‍යාග මුදලක් බෙදා දුන් තෑගි තරගය ලෙස ශ්‍රී ලාංකිකයින් තුළ ඉහළ ප්‍රසාදයක් හිමිකරගෙන ඇත. මෙම තෑගි තරගය මගින් ලක්ෂ සංඛ්‍යාත Dialog පාරිභෝගික සමූහයට සමස්තයක් ලෙස මාසික ව රුපියල් කෝටි 5 ඉක්මවන මුදල් ප්‍රමාණයක් දිනාගැනීමේ අවස්ථාව උදා වේ.

ඒ අනුව රුපියල් කෝටිය බැගින් වූ මෙගා ත්‍යාග 12 ඇතුළුව, රු. ලක්ෂ 30 ක ජයග්‍රාහකයකු, රු. ලක්ෂ 20 බැගින් ජයග්‍රාහකයන් 8 දෙනකු, රු. ලක්ෂ 10 බැගින් ජයග්‍රාහකයන් 106 දෙනකු සහ රු. ලක්ෂයේ ජයග්‍රාහකයන් 660 දෙනකු ඇතුළු ලක්ෂ 17කට අධික පාරිභෝගික පිරිසක් වෙත රුපියල් මිලියන 500 කට අධික අති දැවැන්ත මුදල් ත්‍යාග ප්‍රමාණයක් මේ දක්වා පිරිනමා තිබේ.

11 වන කෝටිපති ජයග්‍රාහකයා වීමට වාසනාව හිමි කරගත්තේ මොරටුව ප්‍රදේශයේ පදිංචි නිසල් ප්‍රනාන්දු මහතා යි. දඹුල්ල ප්‍රදේශයේ පදිංචි රංජිත් වික්‍රමශාන්ත මහතා Dialog Mega වාසනා බිහි කළ 12 වන කෝටිපතියා බවට පත් විය. ඔවුන් දෙදෙනාට හිමි රුපියල් කෝටියකට අධික වටිනාකමින් යුත් චෙක්පත් ද්විත්වය පසුගිය දා උත්සවශ්‍රීයෙන් ප්‍රදානය කෙරිණ. මෙම අවස්ථාවට Dialog ආසිආටා සමාගමේ ව්‍යාපාර ප්‍රධානි, ජංගම දුරකථන සේවා අසංග ප්‍රියදර්ශන මහතා සහ සමාගමේ ඌව හා සබරගමු පළාත් ජ්‍යෙෂ්ඨ කළමනාකරු ජාතික අලෙවි ශ්‍යාම් හේමන්ත යන මහත්වරු සහභාගී වූහ.

නව අදහස දක්වන්න