අගමැති බැඳුම්කර කොමිසමෙන් පිටවේ - UPDATE | දිනමිණ

අගමැති බැඳුම්කර කොමිසමෙන් පිටවේ - UPDATE

බැඳුම්කර කොමිසම හමුවේ ප්‍රකාශයක් ලබාදුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පෙ.ව. 11.30ට ට පමණ එයින් පිටව ගියේය. 

-------------------------------------------------------------

බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සුළු මොහොතකට පෙර බැඳුම්කර කොමිසම වෙත පැමිණ තිබේ.

ධූරය දරමින් සිටියදි අග්‍රාමාත්‍යවරයෙක් පරීක්ෂණ පවත්වන කොමිසම් සභාවක් වෙත සාක්කි දිම සඳහා ස්වේඡාවෙන් ඉදිරිපත් වුණු ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාව මෙය වේ.

කොමිසමේ සඳහන් වුණු කරුණු සම්බන්ධයෙන් පැහැදිලි කිරිමට තමා සුදානම් බවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොමිසමට දැනුම් දීමෙන් පසුව කොමිසම අගමැතිවරයාට ප්‍රශ්නාවලියක් යොමු කරනු ලැබිණි. එයට අගමැතිවරයා කොමිසමට පිළිතුරු ඉදිරිපත් කළ අතර එහි සඳහන් යම් කරුණු සම්බන්ධයෙන් පැහැදිලි කර ගැනීමක් අවශ්‍ය බවට තීරණය කළ කොමිසම අද පෙනී සිටින්නැයි අගමැති වික්‍රමසිංහ මහතාට දැනුම් දී තිබිණි. 

නව අදහස දක්වන්න