තංගල්ලේ ලොකුම කුඩු තොගය පුහුල්යායෙන් අල්ලයි | දිනමිණ

තංගල්ලේ ලොකුම කුඩු තොගය පුහුල්යායෙන් අල්ලයි

තංගල්ල පොලිස් කොට්ඨාසයෙන් අත්අඩංගුවට ගත් වැඩිම හෙරෝයින් මත් කුඩු ප්‍රමාණය වන පැකට් 56ක් ග්‍රෑම් 13 (මිලි ග්‍රෑම් 130000) අම්බලන්තොට පුහුල්යාය ප්‍රදේශයේ දී පසුගිය සිකුරාදා අත්අඩංගුවට ගත් බව තංගල්ල කොට්ඨාස විශේෂ විස මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකය කියයි. අම්බලන්තොට පුහුල්යාය යාය ප්‍රදේශයේ කඩ කාමරයක් මාසයකට රුපියල් 5000ක කුලියට ගෙන ඇඹිලිපිටිය කිරළවැල්කටුව ප්‍රදේශයේ වයස අවුරුදු 28 තරුණයෙක් ගාමන්ට් රියැදුරු බව පවසා නිවැසියන් රවටා ඊෂි කෑෂ් ක්‍රමයට මත් කුඩු විකිණිමේ ජාවාරමේ නිරත වී සිටියදී මේ මත් කුඩු තොගය සමඟ සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. සැකකරු දෙදරු පියෙකි.

කුඩා පැකට් වශයෙන් සැකසූ මත් කුඩු එක් පැකට් එකක් රුපියල් 3000 බැගින් වූ මුදලකට අම්බලන්තොට නගරය ඇතුළු තදාසන්න ප්‍රදේශවලට බෙදා හැරීම මොහු විසින් සිදු කර ඇත්තේ ජංගම දුරකථනය මාර්ගයෙන් මුදල් තැන්පත් කිරීමෙන් පසුව ගැනුම්කරුට සඳහන් කරන ස්ථානයේ මත්කුඩු පැකට් සැඟවීමෙන් බව පොලිසිය කියයි. අම්බලන්තොට ත්‍රීරෝද රථගාලේ ත්‍රී රෝද රථයක් මේ සඳහා කුලියට යොදාගෙන තිබූ අතර කුඩු සඟවන සථානවල තිබූ සී.සී.ටී.වී දර්ශන ඔස්සේ ත්‍රී රෝද රථය සම්බන්දව පරීක්ෂණ සිදු කිරීමෙන් පසු සැකකරු අත්අඩංගුවට ගත් බව ද පොලිසිය කීය.

අත්අඩංගුවට ගත් සැකකරු අම්බලන්තොට පොලිසියට භාරදී මට පියවර ගෙන ඇති අතර හම්බන්තොට මහේස්ත්‍රාත් වරයා හමුවට ඉදිරිපත් කිරිමට නියමිතව ඇත.

තංගල්ල කොට්ඨාශ භාර ජ්‍යේ ෂ්ඨ පොලිස් අධිකාරී ලක්සිරි ගීතාල් මහතාගේ උපදෙස් මත, තංගල්ල සහකාර පොලිස් අධිකාරි අතුල ද සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් තංගල්ල කොට්ඨාස විශේෂ විෂ මත් දව්‍ය වැටලිම් ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක කුමාර දඩල්ලගේ , පොලිස් සැරයන් 26043 කුලසේන, කොස්තාපල් වරුන් වන 37208 දිසානායක, 44790 රසික, 52691 කුසුම්සිරි, 70182 තාරක, 86326 ශිරන්ත,80530 ගුණවර්ධන, 88636 ධර්මසිරි යන නිලධාරීහු මේ වැටලීමට සහභාගීවූහ.

අම්බලන්තොට අවට ගනු-දෙනු ඊෂි කෑෂ්වලින්
සටහන සහ ඡායාරූප
ලුණම සමූහ සනත් ගමගේ 

නව අදහස දක්වන්න