දිවයින පුරා යළි වැසි තත්ත්වයේ වර්ධනයක් | දිනමිණ

දිවයින පුරා යළි වැසි තත්ත්වයේ වර්ධනයක්

අද සිට දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඉදිරි කාලගුණ තත්ත්වය පැහැදිලි කරන කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ මලික් ප්‍රනාන්දු පැවසුවේ උතුරු , නැගෙනහිර සහ බස්නාහිර දෙසින් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය.

මේ අතර දිවයින වටා සෙසු මුහුදු ප්‍රදේශවල සවස් කාලයේ සහ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

                                                        ඉදිරි පැය 36 සඳහා කාලගුණ අනාවැකිය

ඉදිරි දින වලදී විශේෂයෙන් හෙට (නොවැම්බර් මස 19) දින සිට දිවයින පුරා සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව ක්‍රමයෙන් වැඩිවෙමින් පවති.

අද රාත්‍රී: මධ්‍යම, සබරගමුව, ඌව  සහ දකුණු පළාත්වලත් මන්නාරම් දිස්ත්‍රික්කයේත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ

හෙට දිනයේදී:දිවයිනේ බොහෝ පළාත්වල සවස 02.00 න්  පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

උතුරු සහ නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශ වල සිහින් වැසිඇති විය හැක .

දිවයිනේ බස්නාහිර,සබරගමුව සහ මධ්‍යම පළාත්වල සමහර ප්‍රදේශවල උදය කාලයේදී මිහිදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කල හැක.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...