මහපොළ ප්‍රදර්ශනය යළිත් | දිනමිණ

මහපොළ ප්‍රදර්ශනය යළිත්

 දශක දෙකකට අධික කාලයක් නවතා තිබූ මහපොළ ප්‍රදර්ශනය නැවත ආරම්භ කිරීමට කටයුතු කරන බව ජාත්‍යන්තර වෙළඳ රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පවසයි.

නව ප්‍රදර්ශනය වඩාත් ඵලදායී ලෙස රජයට බරක් නොවී මහපොළ අරමුදල ශක්තිමත් කිරීම අරමුණු කර ගනිමින් ආරම්භ කරන බවද රාජ්‍ය අමැති වරයා පවසයි.

විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් තාක්ෂණ විද්‍යාල ශිෂ්‍යයන්, පාසල් ශිෂ්‍යයන් හා පාසැල් හැර ගිය තරුණ පිරිසට අනාගත රැකියා වෙළඳපොළ සඳහා පිවිසීමට අවශ්‍ය පහසුකම් සැලසීම මහපොළ තුළින් සිදුකිරීමට අපේක්ෂිතයි.

වසරකට මහපොළ ප්‍රදර්ශණ 3 -4 දිවයිනේ විවිධ පළාත් වල පැවැත්වීමට අවදානය යොමු වී ඇත. එහිදී ප්‍රදේශයේ තෝරාගත් පාසැල් වල යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම, ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය කැපකරු මාපිය රැකවරණ ක්‍රමයක් ආරම්භ කිරීම වැනි විවිධ සුබ සාධන වැඩසටහන් රැසක් මීට සමගාමීව ආරම්භ කරයි.

ප්‍රදේශයේ නව නිපැයුම්කරුවන් හඳුනාගනිමින් ඔවුන් දිරිමත් කිරීම, විවිධ රැකියා අවස්ථා පිළිබඳව තරුණ තරුණියන් දැනුවත් කිරීම, නව අපනයන කරුවන් හඳුනාගනිමින් ඔවුන්ට අවශ්‍ය පහසුකම් ලබා දීමද මහපොළ තුලින් සිදු කිරීමට බලාපොරොත්තු වේ. 

නව අදහස දක්වන්න