අසාමාන්‍ය පන්දු යැවීමේ ඉරියව්වෙන් ක්‍රිකට් පිටිය මවිත කළ කෙවින් | දිනමිණ

අසාමාන්‍ය පන්දු යැවීමේ ඉරියව්වෙන් ක්‍රිකට් පිටිය මවිත කළ කෙවින්

 අසාමාන්‍ය පන්දු යැවිමේ ඉරියව් සහිත පන්දු යවන්නන් ගැන ප්‍රතිවාදී කණ්ඩායම්වල පමණක් නොව ක්‍රීඩාලෝලීන්ගේ ද දැඩි අවධානය යොමුවෙයි. ගාල්ල මහින්ද විදුහලෙන් බිහිවූ 18 හැවිරිදි කෙවින් කොත්තිගොඩ පසුගියදා මැ‍ලේසියාවේ දී අවුරුදු 19න් පහළ ආසියා කුසලාන ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරද්දී කවුරුත් ඔහු ගැන කතා බහ කරන්නට පටන් ගත්තේ අනූව දශකයේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට දකුණු අප්‍රිකාවෙන් බිහිවූ එවැනිම අසාමාන්‍ය පන්දු යැවීමේ ඉරියව් සහිත දඟපන්දු යවන්නා වන පෝල් ඇඩම්ස්ට සමාන කරමිනි.

ගාල්ල, උණවටුන ප්‍රදේශයේදි 1998 ඔක්තෝබර් මස 4 වැනිදා උපන් කෙවින් හිස පහළට දමාගනිමින් අසාමාන්‍ය අංග ලක්ෂණ විදහා පාමින් දකුණතින් පාදඟපන්දු යවද්දී ඒ ඉරියව් පිළිබඳ ඉන්දීය පුවත්පත් ඉහළින්ම වාර්තා කර තිබිණි.

ශ්‍රී ලංකාවෙන් බිහිවූ අසාමාන්‍ය අභිරහස් පන්දු යවන්නා නමින් කෙවින් හඳුන්වමින් පළ කර ඇති පුවත්පත් වාර්තා ඔහුට ජාත්‍යන්තර ක්‍රිකට් පිටි‍යේ අවධානය දිනාගැනීමට ඉවහල් වී තිබේ.

ෆවුස්

නව අදහස දක්වන්න