පෙම්වතියගේ නිවසට දුරකථන ඇමතුමක් | දිනමිණ

පෙම්වතියගේ නිවසට දුරකථන ඇමතුමක්

 

කටුෙගයින් පැන්නූ කඩුව සෙවූ CID වික්‍රමය
8 කොටස

“මට මෙයා මතකයි. මෙයා ටික වෙලාවක්

අතිනුයි පයිනුයි ටිකක් සද්දෙනුයි මොන මොනවද කියලා කතා කරපු හින්දයි, එයාගෙ කෝල් එක

ඉවරවෙනකල් බලා හිටපු හින්දයි මට මෙයා මතකයි”

“කොයි පැත්තෙන්ද මෙයා ආවේ. මොකක්ද ඇඳලා හිටියේ?”

“කෝල් එක අරන් මෙන්න මේ පැත්තට තමයි ගියේ. දිග කලිසමකුයි

කළුපාට ටී ෂර්ට් එකකුයි තමා

ඇඳගෙන හිටියේ. ඊට වඩා නම් එයා ගැන දන්නෙ නෑ”

“මේ පැත්තෙ පැනපු කෙ‍ෙනකුට හැංගිලා ඉන්න තැන් තියෙන්නෙ

මොනවද?”

“අපොයි සර්. මේ පැත්තෙ ඕන තරම් තැන් තියෙනවා. උළු මෝල්, කසිප්පු තිප්පොළවල්, කුකුල් ෆාම් තොග ගාණට තියෙනවා. උළු මෝලකට පැන ගත්තොත් ඕනම කාලයක් කාලා බීලා වැඩ කරගෙන ඉන්න පුළුවන්”

“උළු මෝල් කොච්චර විතර තියෙනවද?”

“අපොයි සර්. දෙතුන් දාහක් තියෙනවා”

“මේ වගේ රටේ නම ගිය අපරාධකාරයෙක් ඔයාගේ ගෙදරට යන එන එක ඔයාගෙ තත්ත්වයට කොහොමත් ගැලපෙන්නෙ නෑ. අනික මෙයා කුඩුකාරයෙක්. ඔළුව විකාරවෙලා ඉන්නෙ. කොයි වෙලාවක මොන වගේ අනතුරක් කරයිද? එයා හිතන්නෙ කොහොමද? කවුරුවත් දන්නෙ නෑ. මොකක් හරි දේකට පැටළුණොත් පොලිස් කූඩු ගානේ උසාවි ගානේ, ඔයාටත්, බිරිඳටත් යන්න වෙනවා. ඔයා මේ වැඩේට කිසිම සම්බන්ධයක් නැති වුණත් බිරිඳ පැටලිලා ඉන්න හින්දා ඔයාටත් යම් වගකීමක් තියෙනවා.

“පොලිස් පරීක්ෂකවරයා, සුවිනීතාගේ සැමියාට කරුණු පැහැදිලි කළේය.

“මට ඕව හොඳට තේරෙනවා. ඒත් මං මොකද කරන්නේ? ඔහු විමසුවේය.

“මේ මනුස්සයා අල්ලගන්න අපට උදව් කරන්න. මේ මිනිහා හිරේ ගියාම ආයෙත් ලේසියකට එළියට එන්න වෙන්නෙ නෑ. එතකොට පවුලේ ගැටුම් ඇති කරගන්නෙත් නැතුව ඔහේටයි බිරිඳටයි සමගියෙන් ඉන්න පුළුවන්.”

“හා මහත්තයෝ. මේකා එන වෙලාවක් දැන ගත්තොත් මං මහත්තයාලට කියන්නම්”

සුවිනීතාගේ සැමියා පොරොන්දු විය.

මේවන විටත් එම නිවසේ පැවති සී.ඩී.එම් දුරකථනය ද සක්‍රීය මට්ටමක පැවති නිසා එයට ලැබෙන ඇමතුම් හා එයින් ලබාගන්නා ඇමතුම් පිළිබඳ තොරතුරු අදාළ දුරකථන සමාගම මගින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කොළඹ ප්‍රධාන කාර්යාලයේ නිලධාරීන් පිරිසක් විසින් නිරන්තරයෙන් ලබාගනිමින් තිබිණි. එම තොරතුරු ලද විගසින් ගල්ගමුවේ රැඳී සිටින පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වාටත්, පො.සැ මෙන්ඩිස්ටත් දැනගන්නට ලැබුණි. ඔවුන් දෙදෙනා දිවා රෑ තමාට ලැබෙන තොරතුරුවල ප්‍රගතිය පිළිබඳ සමාලෝචනය කරමින්, සුවිනීතාගේ නිවස පිළිබඳ පරීක්ෂාවෙන් සහ දිවා රෑ නොබලා යාම් ඊම්, දුර තියා නිරීක්ෂණය කිරීම් සිදුකරමින් සිටියහ. ඇතැම් රාත්‍රීන් දුම්රිය මාර්ගයේ නිදි වර්ජිතව පහන් කළහ. දුම්රිය ධාවනය, වන අලි තර්ජන, මැසි මදුරු උවදුරු මධ්‍යයේ ඔවුහු නිවස දෙසත්, සුවිනීතාගේ ක්‍රියාකාරකම් දෙසත් ඇස ගසාගෙන සිටියහ.

“නිශාන්ත, මේ ගෙදරට දංකොටුවෙන් කෝල් එකක් ආවා” කොළඹ කාර්යාලයෙන් පොලිස් පරීක්ෂකවරයා දැනුම්වත් කෙරිණි.

“එහෙමද? කීයටද?”

“අද තුන හමාරට.”

“කොච්චර වෙලා කතා කරලා තියෙනවද?”

“විනාඩි දෙක හමාරක් විතර”

“ඕ.කේ ස්තූතියි”

එම ආරංචිය විමර්ශන නිලධාරීන් දෙදෙනාට අතිශය වැදගත්ය. එම තොරතුරත් සිතේ තබාගෙන ඔවුන් දෙදෙනා පසුදින යළි සුවිනීතාගේ ගෙදරට ගොඩවූහ. ආගිය තොරතුරු කතා බහ කිරීමෙන් පසු කිසිවක් සිදුනොවූ ගාණට ඔවුන් යළි පිටත්වීමට සැරසුණු අවස්ථාවේදී සුවිනීතා කතා කළාය.

“ආ..සර්ට කියන්න අමතක වුණානේ. ඊයේද කොහෙද ප්‍රියන්ත කතා කළා”

“ආහ්. ඇත්තද මොනවද කීවේ?”

“එයා ඇමති කෙනෙක් ළඟ ඉන්නවා කීවා. එයාව අල්ලන්න කාටවත් බෑ කීවා. මට බය නැතුව ඉන්න කීවා” සුවිනීතා කීවාය.

“කොච්චර වෙලාවක් කතා කළාද?”

“අපොයි තප්පර ගාණයි. ඔය ටික කියලා දඩස් ගාලා ෆෝන් එක තිබ්බා” සුවිනීතා එසේ කියමින් ගේ තුළට ගියාය.

විමර්ශන නිලධාරීන් දෙදෙනා, මොහොතකට මුහුණින් මුහුණ බලා අනතුරුව බිම බලාගෙන නිවසින් එළියට බැස රේල් පාර දිගේ ඇවිදගෙන යන්නට ගියහ.

“හොඳ වෙලාවටයි අපි ඒ කෝල් එක ගැන කල්තියා දැනගෙන හිටියේ” පො.සැ මෙන්ඩිස් කීවේය.

“හ්ම්. ඒ විතරක් නෙවෙයි. ඔහේ ෆෝන් එක හැදුව හින්දයි මේ ගැන මෙහෙම තොරතුරක් හරි ෆලෝ කරන්න ඉඩ හැදුණේ.” පොලිස් පරීක්ෂකවරයා සිහිපත් කළේය.

සුවිනීතාට පැමිණි දුරකථන ඇමතුම සත්‍යයක් වුවද, ඇය දුරකථන ඇමතුමේ කාලය සම්බන්ධයෙන් පැවසූ දේ බොරුවක් බවත්, මිනිත්තු දෙක හමාරක පමණ කාලය තුළ තවත් බොහෝ දේ කතා බස් කරන්නට ඇති බවත් පැහැදිලිය. සුවිනීතාගේ එකී කතාවෙන් ඒත්තු ගියේ ඇය තව දුරටත් සත්‍යම ප්‍රකාශ කරමින් පරීක්ෂණවලට සහය නොදෙන බව මිස අන් යමක් නොවේ. සුවිනීතාගේ සැමියා කෙරෙහි මීට වඩා විශ්වාසයක් තැබිය හැකි වුවද, මෙම දුරකථන ඇමතුම පිළිබඳ ඔහු කිසිවක් දැන සිටියේ නැත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට විටින් විට එකින් එක විමර්ශන සඳහා වගකීම් පැවරෙයි. කෞතුකාගාර සොරකමේ සුල මුල සොයමින් කංගැට්ටා සොයා මෙහෙයුම් දියත් කර තිබියදී තවත් සිද්ධියකට අදාළව පරීක්ෂණ සඳහා සහය වන ලෙස දන්වා කොළඹින් පො.ප නිශාන්තටත්, පො.සැ මෙන්ඩිස්ටත් කැඳවීමක් ලැබිණි.

“ප්‍රධාන සැකකරු අල්ලා ගන්න බැරිවුණත් අපි මේ වෙද්දී මේ කේස් එකට අදාළව ගොඩක් දේවල් සොයාගෙන තියෙනවා. පරීක්ෂණවල සෑහෙන ප්‍රගතියක් තියෙනවා. ඒ නිසා අපි කනගාටුවෙන්න ඕන නෑ. ඒත් මේකට අමතරව තව කේස් දෙකක් තියෙනවා.

මේ දවස් දෙකේ තුනේ ඒකට සහයක් දීලා නිශාන්ත තවත් එක් කෙනෙක් දෙන්නෙක් අරන් දංකොටුව පැත්තට යන්න. ඒ පැත්තෙන් කෝල් එනවා කියන්නෙ මිනිහා ඒ පැත්තෙ සැරිසරනවා කියන එකනේ“ පොලිස් අධිකාරී පාලිත පනාමල්දෙණිය මහතා පොලිස් පරීක්ෂකවරයාට දැන්වීය.

“එතකොට සර්, ගල්ගමුව?”

“එහෙට රාජකරුණයි කල්‍යාණරත්නයි දාමු”

“හොඳයි සර්”

“දංකොටුවට ගිහින් ඔය කෝල් එක ඔස්සේ දුර ගියොත් නිශාන්තට කංගැට්ටා අරන්ම එන්න පුළුවන් වෙයි” පනාමල්දෙණිය මහතා සිය විශ්වාසය පළකළේය.

ඒ අනුව හදිසියේ පැවති වෙනත් රාජකාරියකට අදාළව පැවරුණු වගකීම නිමා කළ පොලිස් පරීක්ෂකවරයා, උ.පො.ප ප්‍රේමතිලකද සමගින් දංකොටුව බලා ගියේය.

ගල්ගමුවේ සුවිනීතාගේ නිවස හා ඇයගේ ක්‍රියාකාරකම් පරීක්ෂාවටත්, සැකකරු එකී නිවස සමග තවදුරටත් සබඳතා පවත්වන්නේද, යන්න සොයාබැලීමටත් පොලිස් පරීක්ෂක රාජකරුණාත්, පො.කො කල්‍යාණරත්නත් ඇතුළු පිරිසක් යොදවනු ලැබිණි.

පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වාත්, උ.පො.ප. ප්‍රේමතිලකත් කල්තියා විමර්ශනය කරන ලද තොරතුරු අනුව ගල්ගමුව, දුම්රියපල පිටුපස පදිංචි සුවිනීතාගේ නිවසේ දුරකථන අංකයට ඇමතුමක් ගනු ලැබූ දංකොටුවේ කමියුනිකේෂන් ආයතනය සොයා පැමිණියහ. සැකකරු විසින් ඇමතුම ලබාදුන් දිනයේ ප.ව 3.30ට පෙර හා පසු ඇමතුම් ලබාගත් දහ දෙනෙකුගේ ග්‍රාහක විස්තර ලබාගෙන ඔවුන්ගෙන් සැකකරු පිළිබඳ යමක් දැනගත හැකිදැයි පරීක්ෂා කෙරිණි.එහිදී සැකකරුට පසුව ඇමතුම ලබාගත් පුද්ගලයා පමණක් සැකකරුගේ ඡායාරූපය දැක ඔහු හැඳිනිගත් බවක් දකින්නට ලැබුණි.

“මට මෙයා මතකයි. මෙයා ටික වෙලාවක් අතිනුයි පයිනුයි ටිකක් සද්දෙනුයි මොන මොනවද කියලා කතා කරපු හින්දයි, එයාගෙ කෝල් එක ඉවරවෙනකල් බලා හිටපු හින්දයි මට මෙයා මතකයි”

“කොයි පැත්තෙන්ද මෙයා ආවේ. මොකක්ද ඇඳලා හිටියේ?”

“කෝල් එක අරන් මෙන්න මේ පැත්තට තමයි ගියේ. දිග කලිසමකුයි කළුපාට ටී ෂර්ට් එකකුයි තමා ඇඳගෙන හිටියේ. ඊට වඩා නම් එයා ගැන දන්නෙ නෑ” ඔහු කීවේය.

සැකකරු විසින් මේ ආකාරයේ කමියුනිකේෂන් එකක් තම ඇමතුම් සඳහා යොදාගන්නට විශේෂ හේතුවක් ඇත්දැයි විමර්ශන නිලධාරීන් කල්පනා කළහ.

“සර්. මෙතන සී.සී.ටී.වී නෑ. අනික සෑහෙන පිරිසක් නිතර එහා මෙහා මුහු වෙනවා. පහසුවෙන් සෙනඟ අතරේ නොපෙනී යන්න පුළුවන්” ප්‍රේමතිලක තම අදහස කීවේය.

එහි සත්‍යතාවක් තිබිණි.

“දැන් මොකද කරන්නේ? පොලිස් පරීක්ෂකවරයා මොහොතක් කල්පනාවට වැටුණේය.

“සර්. දුර තියා දවසක් දෙකක් චෙක් කරමු” ප්‍රේමතිලක යෝජනා කළේය.

එම යෝජනාවට අනුව අදාළ කමියුනිකේෂන් ආයතනය හොඳින් පෙනෙන එතැන් සිට මීටර් 75ක් පමණ දුරින් පිහිටි තොග වෙළඳ ආයතනයක ඉහළ මාලය විමර්ශන නිලධාරීන් විසින් තෝරා ගන්නා ලදී. එම තොග වෙළඳ ආයතනයේ කළමනාකාරිත්වය මොවුන්ට කදිම සහයක් ලබාදුනි. අදාළ තොග වෙළඳ ආයතනයේ එක් තැනක කැමරාවක් සවිකොට එහි දර්ශන ලැප්ටොප් වර්ගයේ පරිගණකයකට ලබාගනිමින් ඒවා පරීක්ෂා කරමින්ද, තවත් විටෙක දුරදක්නයකින් බලමින්ද සැකකරු යළිත් මෙම ස්ථානයට පැමිණෙන්නේදැයි ඔවුහූ සෝදිසියෙන් පසුවූහ. දින තුනක කාලයක් එලෙස මග බලා සිටියද, සැකකරු යළිත් එම කමියුනිකේෂන් ආයතනය වෙත නොපැමිණියේය.

විමර්ශන නිලධාරීන් දෙදෙනා තෙවෙනි දිනයේ සවස එම ප්‍රදේශයේ පොලිස් ඔත්තුකරුවන් කැඳවා තොරතුරු විමසුවේය.

“මේ පැත්තෙ පැනපු කෙ‍ෙනකුට හැංගිලා ඉන්න තැන් තියෙන්නෙ මොනවද?”

“අපොයි සර්. මේ පැත්තෙ ඕන තරම් තැන් තියෙනවා. උළු මෝල්, කසිප්පු තිප්පොළවල්, කුකුල් ෆාම් තොග ගාණට තියෙනවා. උළු මෝලකට පැන ගත්තොත් ඕනම කාලයක් කාලා බීලා වැඩ කරගෙන ඉන්න පුළුවන්” ඔත්තුකරුවෙක් තත්ත්වය පැහැදිලි කළේය.

“උළු මෝල් කොච්චර විතර තියෙනවද?”

“අපොයි සර්. දෙතුන් දාහක් තියෙනවා” ඔහු කීවේය. පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා, උ.පො.ප ප්‍රේමතිලකගේ මුහුණ බැලුවේය. තත්ත්වය බෙහෙවින් සංකීර්ණය. උළු මෝල් දෙතුන් දාහක් පරීක්ෂා කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනෙකුට පමණක් කොපමණ කාලයක් යාවිද? එය කළ හැකි දෙයක්ද? ඒ පිළිබඳ සාකච්ඡා කිරීමෙන් අනතුරුව සැකකරුගේ ඡායාරූපය සහිත පත්‍රිකාව පිටපත් 500ක් මුද්‍රණය කරගත් ඔවුන්, දංකොටුව ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ උළු මෝල් එක සිය ගණනක හිමිකරුවන්, කළමනාකරුවන් හමුවී සැකකරු පිළිබඳ එම පිරිස දැනුම්වත් කරන ලදී. සිද්ධියේ බරපතළකමත්, සැකකරුට රැකවරණ ලබාදීම පවා නීතියෙන් දඬුවම් ලැබීමට හේතුවක් විය හැකි බවත් පෙන්වාදෙන ලදී. මේ අතර උළුමෝල්වලට අමතරව කුකුල් ෆාම්, කසිප්පු තිප්පොළවල්, බාර්, ආදී මිනිසුන් නිතර ගැවසෙන තැන් ගණනාවක් ද පරීක්ෂා කරන ලදී.

හිඟන්නන්, සැකකටයුතු පුද්ගලයින් සිය ගණනක් පරීක්ෂාවට ලක්කෙරිණි. එසේ පරීක්ෂා කරමින් විමර්ශන නිලධාරීන් යළි මීගමුව ප්‍රදේශයට පැමිණියහ. මේ අතරවාරයේ ප්‍රියන්ත මේදිස් හෙවත් කෞතුකාගාර සොරකමේ මහමොළකරු විසින් මූලාරම්භයේදී භාවිතා කළ ජංගම දුරකථන අංකය විටෙක සක්‍රීය වී තවත් විටෙක අක්‍රීය වෙමින් පවතින බවත්, එකී සිම් කාඩ්පත සහිත පැරණි අංකයෙන් ගල්ගමුවේ සුවිනීතාගේ නිවසේ දුරකථනයට යළි වරක් ඇමතුම් ලබාගෙන ඇති බවත් කොළඹ විමර්ශන නිලධාරීන්ගෙන් දැනගන්නට ලැබිණි. එදින සුවිනීතාගේ සැමියාගෙන්ද, පොලිස් පරීක්ෂකවරයාට ඇමතුමක් ලැබුණි.

“සර් අරූ ආයෙත් ගෙදරට කතා කරලා තිබ්බා.”

“හරි. හරි. ඒකට කමක් නෑ. මිනිහා ගෙදරට ආවොත් විතරක් කියන්න.”

ඔහුගෙන්ද, දුරකථන ඇමතුමක් පිළිබඳ මිසක් වැඩිදුර යමක් දැනගැනීමට හැකියාවක් නොමැති බැවින්ද, එම දුරකථන ඇමතුම් විස්තර අදාළ සමාගම හරහා කොළඹින් නිරන්තරයෙන් ලැබෙන හෙයින්ද, ඒ පිළිබඳ තමාගේ එතරම් උනන්දුවක් නොමැති බව පොලිස් පරීක්ෂකවරයා ඇඟවීය. එහෙත් මෙහිදී මෙවර පැරණි ජංගම දුරකථන අංකයෙන් ලැබෙන ඇමතුම්වල ග්‍රාහක විස්තර පරීක්ෂා කිරීමේදී අදාළ සිම්කාඩ් පත සහිත ජංගම දුරකථනය, මීගමුව ප්‍රදේශයේ සිට වව්නියාව, කිලිනොච්චිය දක්වා උතුරු ප්‍රදේශය දක්වාම ගමන් කරන බවක් පෙනෙන්නට තිබිණි. මේවන විට මේ සිද්ධිය අදාළවම ගල්ගමුව ප්‍රදේශයේ රාජකාරියේ නිරතව සිටි පො.ප රාජකරුණා ඇතුළු පිරිසද, මීගමුව ප්‍රදේශයට කැඳවා තිබිණි. ඒ අනුව රාජකාරි අත්දැකීම් බහුල පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනා සැකකරුගේ ජංගම දුරකථනයේ දත්ත විස්තර රැගෙන පරීක්ෂාවට ලක් කළහ.

“මීගමුවෙන් වව්නියාව, කිලිනොච්චිය දිහාට ගියාට මේ ෆෝන් එක ආයෙම මීගමුවට එනවා.” රාජකරුණා තම අදහස කියා පෑවේය.

“ඔව්. ඒක පැහැදිලියි. ඒත් මේක පාවිච්චි කරන්නෙ එකම පුද්ගලයෙක්ද කියන එක තමයි හොයා ගන්න අමාරු” නිශාන්ත ගැටලුව ඉදිරිපත් කළේය.

“හ්ම්” ඔවුන් දෙදෙනා බොහෝ වේලාවක් ඒ ගැන සාකච්ඡා කරමින් විවිධ තර්ක විතර්ක ඉදිරිපත් කරමින් ගැටලුව ලිහා ගන්නට උත්සාහ කළහ. මෙම සිම්කාඩ් පත විටෙන් විට සක්‍රීය වෙමින් අක්‍රීය වෙමින් පවතින අතර එම සිම්කාඩ් පත යොදාගන්නා දුරකථනයට තවත් සිම්කාඩ් පත් දෙක තුනක් යොදා භාවිතා කරනු දකින්නට ලැබෙයි. ඒ අනුව එකම දුරකථනයට සිම්කාඩ් පත් දෙකතුනක් යොදා භාවිතයට ගනු ලබන්නේ එකම පුද්ගලයෙකුද, එසේත් නොමැති නම් එකම ජංගම දුරකථනයක් තම තමන්ගේ සිම්කාඩ් පත් විටෙන් විට යොදාගෙන දෙතුන් දෙනෙක් පොදුවේ භාවිතා කරනු ලබන්නේද, යන්න පිළිබඳ නිවරදිව අනුමාන කළ නොහැකිවිය. මන්ද ඒ දෙයාකාරයෙන්ම කටයුතු සිදුවිය හැකි නිසාය. එහෙත් අවසානයේ එක් නිගමනයකට එළඹිය හැකිවිය. මෙම දුරකථනයේ හිමිකරු කවුරුන්දැයි නිවරදිව හඳුනාගැනීමෙන් එම දුරකථනය කවුරුන් විසින් කුමන අවස්ථාවලදී භාවිතා කරන්නේදැයි යන්න සැක හැර දැනගත හැකි බවය. අනෙක් අතට සැකකරුගේ සිම්කාඩ් පතද, සක්‍රීය වන්නේ මෙම දුරකථනයෙන් බැවින් සැකකරු සමග මෙම දුරකථන හිමිකරුගේ සම්බන්ධයක් පවත්නා බවය.

“ෆෝන් එකේ අයිතිකාරයා වව්නියාවට ගියත්, කිලිනොච්චියට ගියත් ආයෙම මීගමුවට එනවා. එහෙම නම් එයා මේ අවට වෙන්න ඕන”

“ඔව්. මේ ෆෝන් එකේ සිම් මීගමුවෙදි සක්‍රීය වෙන්නේ මොන සංඥා කුලුනෙන්ද කියලා හොයාගත්තම කොයි පැත්තෙද ඉන්නෙ කියන එක අඳුරගන්න පුළුවන්”

පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනා එලෙස සිම්කාඩ් පත් කිහිපයක් යොදා භාවිතා කරන ජංගම දුරකථනයේ ග්‍රාහක විස්තර ලබාගෙන, කුමක සංඥා කුලුනු හරහා එමගින් පණිවිඩ හුවමාරු වන්නේදැයි මූලික විමර්ශනයක් සිදුකරන ලදී.

මේ දිනවල මීගමුව වෙරළ ආසන්නයේ හෝටල් කිහිපයක් ප්‍රතිසංස්කරණය වෙමින් හා අලුත් හෝටලයක් ගොඩනැඟෙමින් තිබිණි. “...බීච්” යන්නෙන් හැඳින්වෙන

මෙකල ජනප්‍රිය හෝටලයේ ඉදිකිරීම් කටයුතු සිදුවෙමින් පැවතියේද, ඒ කාලයේය. අදාළ දුරකථනයේ සංඥා පරීක්ෂා කිරීමේදී එය මෙලෙස ඉදිවෙමින් පැවති ‘...බීච්“හෝටලයේ වැඩබිම ආශ්‍රිතව සිටින පුද්ගලයකුගේ දුරකථනයක් විය හැකි බවට තොරතුරු තහවුරු වෙමින් පැවතිණි. එහෙත් එය වඩාත් නිවරදිව ප්‍රත්‍යක්ෂ කර ගැනීමට වෙනත් උපාය උපක්‍රමයක් කල්පනා කළ යුතුව පැවතිණි.

“හරි අපි වැඩක් කරමු. හරි ගියොත් එහෙමයි නැත්නම් තොප්පි තමයි. ඒත් කමක් නෑ. මේ වැඩේ ඇදුණා දැන් හොඳටම ඇති.” පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනා සෙසු නිලධාරීන්ද වහා කැඳවීය. උ.පො.ප ප්‍රේමතිලක, පො.කො කල්‍යාණරත්න, පො.රියදුරු ධර්මලිංගම්ද ඒ අතර වූහ.

හෙට-සී.අයි.ඩී. උගුලට සැකකරු කොටුවෙයි!

රංජිත් විජේබණ්ඩාර


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...