ආරක්ෂක කබාවලට අකැමැති ධීවරයෝ ගිලී නසිති | දිනමිණ

ආරක්ෂක කබාවලට අකැමැති ධීවරයෝ ගිලී නසිති

ජීවිත ආරක්ෂක කබා ලබා දුන්නත් දකුණු පළාතේ ධීවර කර්මාන්තයේ යෙදෙන ධීවරයෝ මුහුදු යාමේදී එම ජීවිත ආරක්ෂක කබා පාවිච්චි කිරීමට වැඩි කැමැත්තක් නොදක්වති. ඉකුත් දිනවල මුහුදේ ධීවර කර්මාන්තයේ නිරතව සිටි දකුණේ ධීවරයන් කීප දෙනකුම මේ නිසා මුහුදේදී සිදු වූ අනතුරුවලින් දියේ ගිලී මිය ගොස් ඇත.

තවත් ධීවරයින් කිප දෙනෙකු අතුරුදහන් වී ඇත. ආරක්ෂක කබා ඇඳ සිටියේ නම් මේ ධීවරයන්ගේ ජීවිත ආරක්ෂා වෙන බව ධීවර යාත්‍රා හිමියකු වන ඒ. නිමල් මහතා පැවසීය.

තංගල්ල විශේෂ
ඇම්. පී. චන්ද්‍රපාල


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...