මාතරට රුපියල් කෝටි 20ක පොහොර සහනාධාර | දිනමිණ

මාතරට රුපියල් කෝටි 20ක පොහොර සහනාධාර

ජයසිරි පේදුරුආරච්චි

රජයේ පොහොර සහනාධාර වැඩසටහන යටතේ පොහොර වෙනුවට මුදල් ලබාදීමේ වැඩපිළිවෙළ අනුව මාතර දිස්ත්‍රික්කයේ වී වගා කරන ගොවීන් සඳහා 2017/2018 මහ කන්නයේ වගා කටයුතු වෙනුවෙන් රුපියල් දසලක්ෂ 205ක මුදලක් ගොවීන්ගේ ගිණුම්වලට බැර කිරීමට නියමිත බව ජාතික පොහොර ලේකම් කාර්යාලයේ මාතර දිස්ත්‍රික් කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ කීර්ති අබේසිංහ මහතා පවසයි.

මාතර දිස්ත්‍රික්කයේ ගොවිජනසේවා බලප්‍රදේශ 22ක කුඹුරු හෙක්ටයාර 16,400ක් හෙවත් අක්කර 41,000ක් වගා කිරීම සඳහා ගොවීන් 30,000කට මේ පොහොර සහනාධාර මුදල් ලබාදීමට නියමිතය.

මෙවර අදියර තුනක් යටතේ සහනාධාර මුදල් ලබාදෙන අතර පළමු අදියර යටතේ මේ වන විට හෙක්ටයාර 264ක් හෙවත් අක්කර 660ක් වගා කිරීම සඳහා ගොවීන් 678කගේ ගිණුම්වලට රුපියල් 3,568,750ක මුදලක් තැන්පත් කිරීමට පියවර ගෙන තිබේ. අදියර දෙක සහ තුන දෙසැම්බර් 22 දින වන විට ක්‍රියාත්මක කර පොහොර සහනාධාර මුදල් ගෙවා අවසන් කරන බව කීර්ති අබේසිංහ මහතා පවසයි.

කුඹුරු අක්කරයක් සඳහා රුපියල් 5000කට හෙක්ටයාර දෙකක (අක්කර 05) උපරිමයකට යටත්ව එක් වී වගා කන්නයකට රුපියල් 25,000 බැගින් ලබා දේ. ඒ අනුව වී වගා කන්න දෙක සඳහා රුපියල් 50,000 මුදලක් හිමි වේ.

මෙතෙක් පොහොර සහනාධාර ඉල්ලුම්පත් භාර දී නැති ගොවීන් හැකි ඉක්මනින් ප්‍රදේශයේ කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර මහතා හෝ මහත්මිය හමු වී අදාළ ඉල්ලුම්පත් භාර දී ප්‍රමාදයකින් තොරව සහනාධාර මුදල් ලබා ගන්නා ලෙස සහකාර අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසී ය.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...