සීනිගම ශ්‍රී දෙවොලට නව ජැටියක් | දිනමිණ

සීනිගම ශ්‍රී දෙවොලට නව ජැටියක්

ඓතිහාසික සීනිගම ශ්‍රී දෙවොල් මහා දේවාලය, විදෙස් සංචාරකයන් අතර ප්‍රචලිත කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කෙරේ. මුහුද මැද පිහිටි පැරණි මේ යටතේ දේවාලයට බෝට්ටුවලින් යාමට ඇති පැරණි ජැටිය වෙනුවට නව ජැටියක් ඉදිකොට විශේෂිත යාත්‍රා සේවයක් ආරම්භ කෙරේ.

එම ජැටිය ආශ්‍රිතව දෙවොල් දෙවියන්ට ආවේණිකවූ දෙවොල් නැටුම, පත්තිනි දේවී නැටුම, ගිරිදේවී නැටුම ආදී පහතරට නැටුම් විදෙස් සංචාරකයන්ට නැරඹීමේ පහසුකම් සැලසේ.

දේශීය නැටුම් කලාව ලෝකයා අතරට ගෙනයාමත් ඉන් ලැබෙන විදෙස් විනිමය රටේ සංවර්ධනයට දායක කිරීමත් මෙහි අරමුණ බව දේවාලයේ භාරකරු සරත් දිසෙන්තුවාහන්දි මහතා පවසයි.

දේවාලය අසළ මුහුදේ තිබෙන ඉතාමත් හාස්කම් ඇති ළිදේ පිරිසිදු ජලය වසංගත රෝග සුවකරන ඔසුවක් බවද පැවසේ.

බූස්ස සමූහ දේව දෙව්නිස් ද‍ සිල්වා


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...