නොමිලේ අක්ෂි කාච ලබාදීම ලබන වසරේ සිට අඛණ්ඩව | දිනමිණ

නොමිලේ අක්ෂි කාච ලබාදීම ලබන වසරේ සිට අඛණ්ඩව

සන්ධ්‍යා කරුණාරත්න
ශ්‍රී ලංකා අක්ෂි ශල්‍ය විශේෂඥවරුන්ගේ සංගමයේ සාමාජික වෛද්‍යවරුන් සමඟ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා සාකච්ඡාව පැවැත්වූ අයුරු.

රජයේ රෝහල්වලින් රෝගීන්ට නොමිලේ අක්ෂි කාච ලබාදීමේ වැඩපිළිවෙළ 2018 වසරේදීත් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා තීරණය කරයි.

ඒ අනුව 2018 වසරේදි රෝහල්වලට අවශ්‍ය අක්ෂි කාච සංඛ්‍යාව සහ නිර්දේශිත අක්ෂි කාච වර්ගය ඇස්තමේන්තු කැර අමාත්‍යාංශයට වාර්තාවක් ලබා දෙන ලෙස අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ට ඇමැතිවරයා දැනුම් දී ඇත.

මේ වැඩපිළිවෙළ අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැති විශේෂ සාකච්ඡාවකට සහභාගි වෙමින් ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කැර තිබේ.

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතාගේ සංකල්පයක් අනුව නොමිලේ අක්ෂි කාච ලබාදීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වේ.

අක්ෂි සැත්කම්වලට අවශ්‍ය අක්ෂි කාච ඉතා උසස් මෙන්ම ගුණාත්මකභාවයෙන් යුක්ත ඒවා විය යුතු බවත් ගුණාත්මකභාවයෙන් ඉහළ අක්ෂි කාච නොමිලේ ලබාදීම සිදු කරන බවත් ඇමැතිවරයා කීය. අක්ෂි කාච නොමිලේ ලබාදීමේ වැඩපිළිවෙළට පූර්ණ සහයෝගය ලබාදෙන බවත් රෝහල්වල අක්ෂි කාච නොමැති අවස්ථාවලදී රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ ඔසුසල මඟින් ඒවා කඩිනමින් සැපයීම අගය කරන බවත් අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍යවරුන් ඇමැතිවරයා වෙත මෙහිදී දැනුම් දුන්හ.

අක්ෂි ශල්‍ය සැත්කම් සඳහා අවශ්‍ය පෙකෝ යන්ත්‍ර කඩිනමින් රෝහල්වලට ලබාදෙන බව ද ඇමැතිවරයා පැවැසුවේය.

විෂන් 2020 වැඩසටහන යටතේ සකස් කළ ජංගම අක්ෂි රථය සෞඛ්‍ය අමාත්‍යාංශයට බාරගෙන ජංගම අක්ෂි සායන ආරම්භ කිරීමට ද මෙහිදී තීරණය කෙරිණි.

මේ සාකච්ඡාවට ශ්‍රී ලංකා අක්ෂි ශල්‍ය විශේෂඥවරුන්ගේ සංගමයේ සභාපතිනී මධුවන්ති දිසානායක මහත්මිය ඇතුලු නිලධාරීන් සහභාගි වූහ.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...