මෙදා ඡන්දයෙන් අපි උඩින් දිනනවා | දිනමිණ

මෙදා ඡන්දයෙන් අපි උඩින් දිනනවා

කඳාන සමූහ - මොරගොඩගේ පින්තු

ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා සූදානම්වීම අරමුණු කරගෙන පවත්වන ලද එක්සත් ජාතික පක්ෂ ජා-ඇළ බලමණ්ඩල රැස්වීම ජා-ඇළ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක ජෝශප් මයිකල් පෙරේරා මහතාගේ ප්‍රමුඛත්වයෙන් ජා-ඇළ, වැලිගම්පිටිය ශමිර උත්සව ශාලාවේදී පැවැත්විණි. මෙහි ප්‍රධාන ආරාධිත දේශකයා ලෙස විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය ඇමැති අජිත් පී. පෙරේරා මහතා සහභාගි විය.

එක්සත් ජාතික පාක්ෂිකයින් ඇමතූ අජිත් පී. පෙරේරා මහතා මෙසේ කීය.

මෙදා අපි තරග කරන්නෙ හංසයා ලකුණින් නොවේ, අලියා ලකුණින්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ක කිසිදු එකඟතාවක් නෑ. එක්සත් ජාතික පෙරමුණක් ලෙස ජාතික හෙළ උරුමය, මුස්ලිම් කොංග්‍රසය වැනි පක්ෂ සමඟ එකඟතාවයක් තියනවා. ඉදිරි පළාත් පාලන මැතිවරණය නැවුම් අත්දැකීමක්. අපේ පසමිතුරු පක්ෂය වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකට‍ බෙදිලා ඒ බෙදීමේ වාසිය එක්සත් ජාතික පක්ෂයට ලැබෙනවා. මිනිස්සු දන්නවා රට පාලනය කරන පක්ෂයට තමයි වාසි කියලා. ප්‍රාදේශීය සභා, නගර සභාවලට මුදල් එන්නේ මහ ආණ්ඩුවෙන්. ඒක නිසා මෙම මැතිවරණ ආණ්ඩු පෙරළන මැතිවරණයක් නොවෙයි. 2020 වනතුරු අපේ ආණ්ඩුවට බලය තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකට බෙදිලා. ඒක නිසා කොහොමත් අපි දිනනවා. නමුත් ඔටෝ දිනනවා කියලා බලන්ඉන්න එපා. කොට්ඨාස ක්‍රමය යටතේ පුද්ගලයා හරි වටිනවා. එක්සත් ජාතික පක්ෂය ඉහළින් දිනවන්න වැඩ කරන්න.

ජා-ඇළ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක ජෝශප් මයිකල් පෙරේරා මහතා-

“මැතිවරණයට ඉදිරිපත් වෙලා මම මන්ත්‍රී වෙනවා කියලා හිතන්න එපා. ජා-ඇළ සංවර්ධනයේ කොටස්කරුවෙක් ලෙස සාමූහිකව හිතන්න. මම සංවිධායකවරයා ලෙස කිසිම කෙනෙකුට අසාධාරණයක් කරලා නෑ. හිටපු මන්ත්‍රීවරුන්ගෙන් සුසන්ත පෙරේරා, රෝයි මල්ලවආරච්චි යන අය කිසිම පක්ෂයේ වැඩකට ආවේ නෑ. ඒ දෙන්නව ඉදිරිපත් ක‍ෙළ් නෑ. අනෙක් සියලු දෙනාටම සාකච්ඡා කර සාධාරණ ලෙස අවස්ථා ලබා දුන්නා. මම මේ කියන එක මාධ්‍යට දාන්න මෙගා පොලිස් කියලා අමාත්‍යාංශයක් තියෙනවා. වැඩක් නෑ, මම අගමැතිතුමාටත් කිව්වා රාගම නගරය දියුණු කරන්න සැලැස්මක් නෑ. රාගම, කඳාන නගර දියුණු කරන්න සැලැස්මක් අවශ්‍යයි. අපේ අරමුණ එක්සත් ජාතික පක්ෂය ඉහළින් දිනවීමයි. ගම්පහ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා ද කතා ක‍ෙළ්ය. පළාත් සභා මන්ත්‍රී ශ්‍රීනාත් පෙරේරා මහතා ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...