මේ රටේ හැම පක්ෂයක් ම කඩා දැම්මේ මහින්ද | දිනමිණ

මේ රටේ හැම පක්ෂයක් ම කඩා දැම්මේ මහින්ද

වළහා පොල්ල අල්ලගෙන සිටිනවා වගේ නොසිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තරුණ කණ්ඩායම් එකතු කර ගැනීමට පැරණි පාක්ෂිකයන් කටයුතු කළහොත් ඉදිරි පළාත් පාලන මැතිවරණය ජය ලැබීමට හැකියාව ලැබෙනු ඇතැයි වාරිමාර්ග හා ජල කළමනාකරණ ඇමැති විජිත් විජිතමුණි සොයිසා මහතා පැවසීය.

ඉදිරි පළත් පාලන මැතිවරණ කටයුතු සහ ප්‍ර දේශයේ වාරි මාර්ග අවශ්‍යතාවන් පිළිබඳ සාකච්ඡා කිරීම පිණිස අම්පාර වාරි මාර්ග අධ්‍යක්ෂ කාර්යාලයේ පැවැති රැස්වීමක දී ඇමතිවරයා මේ බව පැවසීය

මෙහි දී වැඩිදුරටත් කතා කළ ඇමති වරයා විමලවීර සහ තෙවරප්පෙරුම සංවිධායකවරුන්ට මහින්ද රාජපක්ෂ සලකපු අන්දම වැරදියි. විමලවීර සහ ශ්‍රියානි විජේවික්‍රම මන්ත්‍රිවරුන් එකතු කරගෙන අපි පළාත් පාලන මැතිවරණය ජය ගනිමු. මහින්ද අයියා මට ළඟදී මගුල් ගෙදරක දී හමුවුණා. ඉදිරි ඡන්දය ජය ගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දෙපාර්ශ්වය එකතු කරන ලෙස මම එදා එතුමාගෙන් ඉල්ලා සිටියා. ඡන්දයෙන් පැරදුණ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ජාවාරම්කාරයන් හා පරපෝෂිතයන් පිරිසක් විසින් විනාශ කර දැමුවා. මේ රටේ ශ්‍රී.ල.නි.ප පාක්ෂිකයන්ට මහින්ද රාජපක්ෂ තැනක් දුන්නේ නැහැ. යු.එන්.පියේ 41 දෙනෙක් ආණ්ඩුවට අරන් ඔවුන්ට ඇමතිකම් දුන්නා පමණක් නොව ඔවුන්ගේ දරුවන්ටත් සුබ අනාගතයක් ලබා දුන්නා. මේ රටේ හැම පක්ෂයක් ම කඩා දැමීම පිටුපස මහින්ද රාජපක්ෂ ඉන්නවා. නිදහස් පක්ෂය කඩා දැමීම පිටුපසත් ඔහු ඉන්නවා. නමුත් ඔහු පක්ෂයෙන් ඉවත් නොවනු ඇතැයි මගේ විශ්වාසයයි .

මේ රටේ රාජ්‍ය පාලනය කළ හැම රාජ්‍ය නායකයෙකුටම වඩා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා වෙනස් පුද්ගලයෙක්. ඔහු සෘජු තීරණ ගන්නා කෙනෙක්. ප්‍රබල ඇමතිවරුන් දෙදෙනෙක් සහ නියෝජ්‍ය ඇමතිවරුන් දෙදෙනෙක් ඉවත් කිරීමට තරම් හැකියාවක් ඔහුට තිබුණා .

මහින්ද රාජපක්ෂ වටකරගෙන සිටින පිරිස අතරින් දිනේෂ් තනිවම පළාත් පාලන මැතිවරණ තරග කරන බව කියනවා . ඒක බොහොම හොඳයි. මම කියන්නේ වීරවංශ, ගම්මන්පිල, සහ වාසුටත් එසේ තරග කරන ලෙසයි. ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ අම්පාර දකුණ සංවිධායක ඉන්දික නලීන් ජයවික්‍රම, අම්පාර බටහිර සංවිධායක කීර්ති ශ්‍රී වීරසිංහ මහත්වරු ද කතා කළහ.

දිගා මඩුල්ල සංචාරක
පියසේන වතුදුර


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...