දෑස නොපෙනුණත් හිතේ හයිය මහමෙරක්... | දිනමිණ

දෑස නොපෙනුණත් හිතේ හයිය මහමෙරක්...

දෑස පෙනෙන මිනිසාට වඩා හොදින් ලොව දැකීමේ ආත්ම ශක්තියක් මෙන්ම ආත්ම විශ්වාසයක් අන්ධ මිනිසා සතුව ඇත.එය මැනවින් සනාථ වනුයේ ඇතැම් අන්ධ පුද්ගලයන්ගේ ක්‍රියාකාරකම් දෙස විමසිලිමත්ව බැලීමෙනි.එවැනි අයෙකු දඹුල්ල ල්‍රදේහයේදී මුණ ගැසිණි. එම ප්‍රදේශයේ රාජ්‍ය ආයතනයක කැඩුණු පුටු වේවැල් යොදා සකස් කරමින් සිටින විටදී ඔහු හමුවුණි.රදාවඩුන්නේ පදිංචි මහින්ද සදනායක නැමති 41 හැවිරිදි විවාහකයකු වන මොහු උපතින් දෑස අන්ධ වුවෙකි.පස්දෙනෙකුගෙන් යුතු පවුලක තෙවැන්නාවු මොහුගේ දෑස් පමණක් නොපෙනීයාම නිසා අධ්‍යාපන කටයුතු කරගන යාමට රත්මලානේ අන්ධ විදුහලට ඇතුල්වී අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් සමත් වී පසුව එහිදි මේ ස්වයං රැකියා පුරුදු පුහුණු වී ඇත.

සදනායක මෙසේ පැවැසීය. මට රජයෙන් රුපියල් තුන්දහසක මාසික ආධාරයක් ලැබෙනවා.එයට අමතරව සමෘද්ධි ආධාර ද ගන්නවා.මේ රැකියාවෙන් මසකට රුපියල් පහලොස්දහසක පමණ ආදායමක් ලැබිය හැකියි.ඒක අපි දෙන්නාගේ ජීවත්වීමට හොදටම ප්‍රමාණවත්.මට මේ වැඩ ලබා දෙන්නේ අන්ධ ජනසේවා මණ්ඩලයෙන්. දැන් වැඩ එන්ට එන්ටම අඩුයි. රජයේ කාර්යාලවල පරණ බඩු වෙන්දේසි දැමීම එයට හේතුවයි. කලින් නම් හොදට වැඩ තිබ්බා.දැන් වේවැල් පුටු අඩුයි.මගේ බිරියත් රත්මලානේ අන්ධ පාසලේ ඉගෙන ගෙන තිබෙනවා. ඇයගේ දෑස අන්ධ වුණේ ජීවිතයේ අතරමගදි. එයත් අ.පො.ස. සාමාන්‍ය පෙළ සමත්. ඇයගේ දෑස අන්ධ වුණේ ග්ලුකෝමා හැදුන නිසයි.දැන් අපි දෙන්නා කීයක් හෝ හරිහම්බ කර ගෙන ජීවත්වනවා. අපෙන් කිසිවකුටවත් බරක් නෑ.

මාතලේ දිස්ත්‍රික් සමුහ 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...