මධ්‍යම පළාතේ පේෂකර්ම කාර්මිකයන්ට විශ්‍රාම වැටුප් | දිනමිණ

මධ්‍යම පළාතේ පේෂකර්ම කාර්මිකයන්ට විශ්‍රාම වැටුප්

මධ්‍යම පළාතේ සියලුම පේෂකර්ම කාර්මිකයන් සදහා විශ්‍රාම වැටුප් ක්‍රමයක් හා රක්ෂණ ක්‍රමයක් ලබන වසර තුළ ක්‍රියාවට නැංවීමට මධ්‍යම පළාත් කර්මාන්ත අමාත්‍යංශය පියවර ගෙන ඇත.ඒ අනුව ලබන වසරේ මුල් මාස කිහිපය ඇතුළත මෙය ක්‍රියාත්මක කරන බව මධ්‍යම පළාත් කර්මාන්ත ක්‍රීඩා හා යෞවන කටයුතු අැමැති තිළිණ බණ්ඩාර තෙන්නකෝන් මහතා කීය.පෙහෙකම් ප්‍රණාම 2017 මධ්‍යම පළාතේ පේෂකර්ම කාර්මිකාවන්ගේ පළාත් සමුඵවේදී අැමැතිවරයා මේ බැව කීය.මහනුවර උඩරට කලා සංගම් ශාලාවේදී මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මියගේ ප්‍රධානත්වයෙන් මේ සමුළුව පැවැත්විණි.මෙහිදී දිර්ඝ කාලීනව සේවය කළ කාර්මිකාවන් විශේෂ ඇගයීමට ලක් කෙරිණි.මෙයට අමතරව වැඩිම ආදායම් ඉපයූ කාර්මිකාවන්,විශිෂ්ඨ නිර්මාණ ඉදිරිපත් කළ කාර්මිකයන් ඇතුඵ විශාල පිරිසක් ඇගයීමට ලක්විය.මෙහිදී පේෂකර්ම ඇදුම් නිරූපනයක්ද පැවැත්විණි.මේ සමුඵව සදහා දහසක පමණ පේෂකර්ම කාර්මිකාවන් පිරිසක් එක්ව සිටියහ.මධ්‍යම පළාතේ පේෂකර්ම මධ්‍යස්ථන 324ක් තිබෙන අතර ඉන් 138ක පමණ පේෂකර්ම නිෂ්පාදන මේ වන විට නිෂ්පාදනය කෙරේ.මේ අතර විදුලිය හා ජලය නොමැති සියලු පේෂකර්ම මධ්‍යස්ථාන සදහා මේ වසර තුළ විදුලිය හා ජලය ලබා දෙන බව තිලිණ බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.මේවන විට පළාතේ මධ්‍යස්ථාන 23ක විදුලිය නොමැති අතර 38ක ජල පහසුකම් නොමැත.මධ්‍යම පළාත් ප්‍රවාහන හා මහා මාර්ග අැමැති එදිරිවිර වීරවර්ධන,මධ්‍යම පළාත් සභා මනත්‍රී ආර්.ජී. සමරනායක,මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලේකම් තිස්ස කරුණාරත්න,පළාත් කර්මන්ත යෞවන කටයුතු හා ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් කුමුදු කරුණාරත්න පළාත් පේෂකර්ම අධ්‍යක්ෂිකා දිනීතා කවිශේකර යන මහත්ම මහත්මීහුද මේ අවස්ථාවට එක්ව සිටියහ.

ඉන්දික පොල්කොටුව 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...