කළුතර බස් පොළේ තැපැල් කණුව කෝ? | දිනමිණ

කළුතර බස් පොළේ තැපැල් කණුව කෝ?

කළුතර ලංගම බස් නැවතුම ප්‍රවිශ්ඨයේ තැබූ තැපැල් කණුව දැනට මාස කීපයකට ඉහතදී වාහන අනතුරකින් කැඩී බිඳී ගොස් තිබුණි.

එතැන තිබූ එම තැපැල් කණුවේ කොටස් ඉවත් කළද ඉන්පසු කිසිම දෙයක් කර නැත.

මේ නිසා බස්වලට ගොඩවීමට පැමිණෙන ජනතාවට ලිපියක් තැපැල් කිරීමට ඊට සැතපුම් කාලක් පමණ එපිටින් තිබෙන තැපැල් කාර්යාලයට යාමට සිදුවී තිබේ.

වාද්දුව සමූහ - එස්. ආර්. පියදාස 

නව අදහස දක්වන්න