මාමණ්ඩිය‍ගේ මරණයට සෙබළ බෑණා සැකපිට | දිනමිණ

මාමණ්ඩිය‍ගේ මරණයට සෙබළ බෑණා සැකපිට

සිය බිරියගේ 58 හැවිරිදි පියා ඝාතනය කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු සෙබළ බෑණා කෙනකු සැකපිට තන්තිරිමලය පොලිසිය විසින් පෙරේදා (13) අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස ඝාතනය කොට ඇත්තේ තන්තිරිමලේ ඇලයාපත්තුව මහසියඹලාගස්වැව පදිංචිව සිටි කේ. කේ. ප්‍රේමරත්න බණ්ඩා (58) නමැති තිදරු පියෙකි.

මියගිය පුද්ගලයා පසුගිය 12 වැනි දින පස්වරුවේ දී සිය නිවසේ සිට මිටර් පන්සියක් පමණ දුරින් පිහිටි හල්මිල්ලැව වැවට දිය නෑමට ගොස් රාත්‍රි හත අට වන තෙක්ම නොපැමිණිම නිසා නිවැසියන් කළ සොයා බැලිමේ දී මොහු වැව අසල සියඹලා ගසක් යට මිය ගොස් සිටිය දී සොයාගත් බව පොලිසිය පවසයි.

පසුව මොහුගේ මරණය සම්බන්ධයෙන් කළ පශ්චාත් මරණ පරික්ෂණයේදි අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා ප්‍රකාශ කොට ඇත්තේ මෙය ගෙල සිරකිරීමකින් සිදුවු මරණයක් බවයි.

ඒ අනුව තන්තිරිමලය පොලිසිය විසින් පොලිස් නිල සුනඛයන් යොදා ගනිමින් සිදුකළ පරීක්ෂණයකින් පසුව මියගිය පුද්ගලයාගේම නිවසේ පදිංචිව සිටි දියණියගේ නීත්‍යනුකුල තුන්වන සැමියා ඇයාපත්තුව මහසියඹලාගස්වැවදි සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

පවුල් ආරාවුලක් හේතුවෙන් මේ ඝාතනය සිදුව ඇති බව පරීක්ෂණ පවත්වන තන්තිරිමලේ පොලිසිය පවසයි. 

අනුරාධපුර මධ්‍යම සමුහ හා අනුරාධපුර මධ්‍යම විශේෂ

නව අදහස දක්වන්න