මාතර දිස්ත්‍රික් පාසල් කෙටි දුර පිහිනුම් ශූරතා රාහුලයට සහ සුජාතාවට | දිනමිණ

මාතර දිස්ත්‍රික් පාසල් කෙටි දුර පිහිනුම් ශූරතා රාහුලයට සහ සුජාතාවට

19න් පහළ දක්ෂතම ක්‍රීඩකයා යෝශිත දිනුක් හා ක්‍රීඩිකාව රුබායා අමල් සම්මාන ලබාගත් අයුරු.

රාහුල ජල ක්‍රීඩා පදනම දෙවැනි වරට සංවිධාන කළ මාතර දිස්ත්‍රික්ක කෙටි දුර පිහිනුම් තරගාවලියේ බාලක සහ බාලිකා පිහිනුම් ශූරතා යළිත් තමන් සතු කර ගැනීමට රාහුල සහ සුජාතා විද්‍යාල පිහිනුම් කණ්ඩායම් සමත් විය.

එහි බාලක අනුශූරතාව බ්‍රිලියන්ට් ස්ටාර් ජාත්‍යන්තර පාසල හිමිකරගත් අතර බාලිකා අනුශූරතාව මාතර සාන්ත මරියා කන්‍යාරාම පිල සතුවිය.

තරගකරුවන් තුන් සියයකගේ සහභාගිත්වයෙන් රාහුල විද්‍යාල පිහිනුම් තටාකයේ පසුගියදා නිමාවු තරගාවලියේ ජය සංකේත ප්‍රදානය රාහුල ආදි ශිෂ්‍ය, ජනාධිපති උපදේශක ශිරාල් ලක්තිලක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

ඒ ඒ වයස් දක්ෂතම ක්‍රීඩක ක්‍රීඩිකාවෙන් මෙසේය.

බාලක

9 පහළ -එල් පී හිරුන් දනෙත් (සාන්ත සර්වේශස්)

11න් පහළ - අනුශ් දිසානායක (රාහුල)

13න් පහළ - ලෙහාන් බනුජ පතිරණ (රාහුල)

15න් පහළ - අහමඩ් සයිඩ් ෆාහම් (බ්‍රිලියන්ට් ස්ටාර්)

17න් පහළ - ආකාශ් ශ්‍රී තීක්ෂණ (බ්‍රිලියන්ට් ස්ටාර්)

19න් පහළ - යෝශිත දිනුක් ගාල්ලගේ (රාහුල)

බාලිකා

9න් පහළ - ඩබ් ඩී මිහින්දි සෙහන්සා (සුජාතා)

11න් පහළ - සෙනීසා දැහැමි ගුරුගේ (සුජාතා)

13න් පහළ - කේ ජී මෙතුළි දහම්දි (සුජාතා)

15න් පහළ - කේ ඩබ් විහංගා දිල්මිණි (සුජාතා) සහ යුහානා ෂබානම් ඉන්තාජ් (සුජාතා)

17න් පහළ - එම් අෂිනි ඉන්දුළා (මහින්ද රාජපක්ෂ)

19න් පහළ - රුබායා අමල් ඉන්තාජ් (සුජාතා)

ප්‍රියාන් ද සිල්වා
මාතර ක්‍රීඩා

නව අදහස දක්වන්න