ලෝක ආරක්ෂක සේවා ක්‍රීඩා උළෙල | දිනමිණ

ලෝක ආරක්ෂක සේවා ක්‍රීඩා උළෙල

පළමු වරට ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් චීන වරායේදී ගොල්ෆ් තරගාවලියක්

වසර 4කට වරක් පැවැත්වෙන ලෝක ආරක්ෂක සේවා ක්‍රීඩා උළෙලේ ගොල්ෆ් තරගාවලිය ශ්‍රී ලංකා ගුවන් හමුදා චීන වරාය ඊගල් ගොල්ෆ් ලින්ක්ස් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙයි. ලෝක ආරක්ෂක සේවා ක්‍රීඩා කවුන්සිලය විසින් 11 වැනි වරටත් පවත්වනු ලබන මේ ක්‍රීඩා උළෙලේ තරගාවලියක් ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පළමු අවස්ථාව මෙයවේ.

ආරක්ෂක සේවා මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ප්‍රධාන සංවිධායක ලෙස කටයුතු කරන මේ තරගාවලිය පෙරේදා (13) ආරම්භ වූ අතර එය අනිද්දා (17) නිමාවට පත්වනු ඇත. තරගාවලියේ සමාරම්භක උත්සවය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ ත්‍රිවිධ හමුදාපතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. ක්‍රීඩාව තුලින් මිත්‍රත්වය තේමාව යටතේ වසර 1948දී රටවල් පහක සහභාගීත්වයෙන් ආරම්භ කළ ආරක්ෂක සේවා ක්‍රීඩා කවුන්සිලය මේ වනවිට සාමාජික රටවල් 136කින් සමන්විතය. 

නව අදහස දක්වන්න