කිරි නිෂ්පාදනය ඉහළ නැංවීමට ඇමරිකාවෙන් ඩොලර් මිලියන 21 | දිනමිණ

කිරි නිෂ්පාදනය ඉහළ නැංවීමට ඇමරිකාවෙන් ඩොලර් මිලියන 21

 ශ්‍රී ලංකාවේ කිරි ආශ්‍රිත නිෂ්පාදන ඉහළ නැංවීමට ඇමරිකාවෙන් ඩොලර් මිලියන 21 ක ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වු ඇමරිකා දේශපාලන කටයුතු පිළිබඳ නියෝජ්‍ය රාජ්‍ය ලේකම් තෝමස් ෂැනන් මහතා ප්‍රකාශ කර ඇත. ඇමෙරිකා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මෙරට කිරි ආශ්‍රිත නිෂ්පාදන ඉහළ නැංවීම සදහා ඇමෙරිකා ඩොලර් මිලියන විසිඑකක ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමටත් කටයුතු යොදා තිබෙනවා.

එමගින් දේශීය හා කලාපීය වශයෙන්මෙරට කිරි ගොවීන් ශක්තිමත් කෙරෙනු ඇති. ඒ වගේම ශ්‍රී ලංකාවේ සාමය හා ස්ථාවරත්වය පවත්වාගෙන යාමට ඇමෙරිකාවේ ඉහළම මානව සම්පත්වල සහාය ලබා දෙන්නත් අපි කටයුතු කරනවා. යනුවෙන් තෝමස් ෂැනන් මහතා මේ ව්‍යාපෘතිය පිළිබඳව ප්‍රකාශ කර ඇත. මෙහිදී අදහස් දැක් වූ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ප්‍රසාද් කාරියවසම් මහතා කියා සිටියේ ශ්‍රී ලංකාවට ඇමෙරිකාවෙන් ලැබෙන සහාය ඉතා පුළුල් මෙන්ම ශක්තිමත් වූවක් බවයි.

මෙහි දී තවදුරටත් අදහස් ප්‍රකාශ කරමින් ශ්‍රී ලංකාවේත් ඇමෙරිකාවේත් මිතුදම හේතුවෙන් වෙළෙද හා වානිජ ක්ෂේත්‍රයෙහි අන්තර් පුද්ගල සබදතාවන්හි අධ්‍යාපනික හා සංස්කෘතික අංශයන්හි මෙන්ම ආරක්ෂක අංශයේ ද ප්‍රතිලාභ රැසක් ලබා ගැනීමට හැකි වී තිබෙනවා. පරිපාලන දෙකක් යටතේ ඇමෙරිකාවේත් ශ්‍රී ලංකාවේත් සබදතා ප්‍රවර්ධනය කිරීමට තෝමස් ෂැනන් මහතා ලබා දුන් සහයෝගය මා ඉතා අගය කරනවා. යනුවෙන් ප්‍රසාද් කාරියවසම් මහතා කියා සිටියේ

නව අදහස දක්වන්න